සජිත් අතහැර සජබ බහුතරය අන්තර් වාර ආණ්ඩුවකට !

 

ආණ්ඩුව පෙරළා අන්තර් වාර ආණ්ඩුවක් සැදීමට දිගින් දිගට විරුද්ධ වෙමින් සිටින සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා අතහැර අන්තර් වාර පාලනයක් ගොඩ නැගීමට පක්ෂයේ බහුතරය සුදානම් වන බව වාර්තා වෙයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, දොස්තර රාජිත සේනාරත්න , ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක ,එස් එම් මරික්කාර් , චම්පික රණවක, හරීම් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම එකඟත්වයට පැමිණ ඇත.

තමන් අන්තර් වාර ආණ්ඩුවකට සම්බන්ධ වන බව මෙම පිරිස අනෙක් පක්ෂවලට දැනුම් දී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා කියා ඇත්තේ කුමන බලපෑම කළත් තමන් එබඳු ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව යි.

විපක්ෂයේ ඉන්නට මිස ආණ්ඩු කරන්නට තමන්ට ජන වරමක් නැති බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *