අපට ජනවරම තිබෙන්නේ විපක්ෂයේ සිටින්නයි ; ආණ්ඩු හදන්න වරමක් නෑ – සජිත් ප්‍රේමදාස

 

තමන්ට ජනවරම ඇත්තේ විපක්ෂයේ සිටින්නට මිස ආණ්ඩු හදන්න නොවන බවත්, ජනවරමක් නැතිව ආණ්ඩු හදන්න හෝ හදන ආණ්ඩුවකට සම්බන්ධ වන්න තමන් සුදානම් නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකශ කරයි.

දේශපාලනයෙන් විශ්‍රාම ගියත් තමන් අන්තර් වාර ආණ්ඩුවලට සම්බන්ධ නොවන බව ද ඒ මහතා කියයි.

ඊයේ මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ නායකයා ද වන සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය කළේ ආණ්ඩුව පෙරලීමට සහ අන්තර්වාර පාලනයකට සම්බන්ධ වීමට තම පක්ෂය තීරණය කළ බව පක්ෂයේ තවත් නායකයකු වන රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට දිනක් ගත වී යාමෙන් ද පසුව වීම විශේෂත්වයකි.

සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වන්නේ තමන්ට ජනවරම ඇත්තේ විපක්ෂයේ සිටින්නට බව සහ ආණ්ඩු කරන්නට ජනවරම ඇත්තේ පොදුජන පෙරමුණට බවයි. එම ජනවරම අනුව කටයුතු කළ යුතුය යන්න ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව ආණ්ඩුව ඉවත්කොට අන්තර් වාර ආණ්ඩුවකට උත්සාහ දැරීම ජනවරමට පටහැනි ක්‍රියාවක් බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *