සජිත් මෙහෙයවන්නේ බැසිල් – වාසුගෙන් බරපතළ චෝදනාවක්

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්වීමට සුදානම් නමුත් බැසිල් රාජපක්ෂ මහතා එය නවත්වා ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතා එයට ආධාර කරමින් සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි.

සජිත් ප්‍රේමදාස සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර රහසිගත ඩීල් එකක් ඇති බව ද ඒ අනුව බැසිල්ගේ වුවමනාව ඉටු කරමින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ප්‍රමාද කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කරමින් සිටින බව නානායක්කාර මහතා කියයි.

කොළඹ මරදානේ ප්‍රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *