මහ නා හිමිවරුන්ට ජනාධිපති කියන කතා වලින් කබ්රාල්ගේ විනාශයට සමාන අනතුරක් !

 

මහ නා නිමිවරුන් වෙත ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා යැවූ ලිපිය මගින් වත්මන් ආර්ථික අර්බුදය දරුණු ලෙස අව තක්සේරු කොට ඇති බවත්, ටික දිනකින් ප්‍රශ්න විසඳෙන බව එයින් කියා තිබීම කිසිසේත් යථාර්තය නොවන බවත්, ආර්ථික ක්ෂේත්‍රයේ තතු දත් විද්වත්හු කියති.

මෙය  ප්‍රශ්න තාවකාලික බව කියමින් හිටපු මහ බැංකු අධිපති විනාශයකට රට ඇදගෙන ගියා හා සමාන තත්ත්වයක් බව ඔවුන්ගේ මතය වී තිබේ.

සිදු වූ ඇතැම් වැරදි නිවැරදි කරගෙන හරි පැත්තට පියවර කිහිපයක් තබා ඇතත්, බරපතළ අභියෝග කිසිවකට අත තබාවත් නැති බව විද්වත් මතය වී තිබේ.

බරපතල ම ප්‍රශ්නය වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නීති සහ තාක්ෂණික උපදේශකයින් පත් කිරීම පවා තවමත් සිදු කොට නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් යම්  සහයක් ලැබෙන්නේ එම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පමණකි. එතෙක් කාලය ගෙවා ගැනීම විශාල අභියෝගයකි.

එමෙන් ම අර්බුදයට හේතු වූ බදු කපාහැරීම් ආපසු හැරීම, මහජන ධනය නාස්තිකරන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ආදිය ගැන කිසිවක් ම කර නැත.

එමෙන් ම, පසුගිය කාලයේ අහිමි කරගත් විදේශ ප්‍රේෂණ සහ ආයෝජන ආපසු ලබා ගැනීම තවත් අභියෝජයකි. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ආණ්ඩුව ගැන විශ්වාසය බිඳ වැටීම බවත්, මෙම පාලනයට ම එය නැවත ගොඩනග ගැනීම කළ නොහැකි බවත් විද්වතුන්ගේ මතය වී තිබේ.

මේ සියල්ල අව තක්සේරු කරමින් ටික දිනකින් ප්‍රශ්න විසඳෙන බව කීම තුලින් ම රට තව තවත් ප්‍රපාතයට යාම වැළකිය නොහැකි තත්ත්වයට පත්වනු ඇතැයි විද්වත්හු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *