එජාප මැයි දින සැමරුම ගෝටා ගෝ ගම දී

 

ගෝටා ගෝ ගම අරගලයට සහභාගී වෙමින් මැයි දිනය සැමරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ.

කෙසේ වෙතත්,පක්ෂ දේශපාලනයෙන් ස්වාධින අරගලයක් ලෙස ගෙන යන ගෝටා ගෝ ගම එම අනන්‍යතාවට හානි නොවන සේ ක්‍රියා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.

එමනිසා පක්ෂයේ ප්‍රධාන නායකයින්ගේ සහභාගීත්වයෙන් තොරව සාමාජිකත්වය පමණක් ගෝටා ගෝ ගම අරගලය ශක්තිමත් කිරීමට දායක වන බව ප්‍රධාන ලේකම්වරයා පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *