ලිට්‍රෝ ගෑස් මිල දෙගුණයකින් ඉහළට

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල්  4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින් ඉහළ දමා තිබේ. මෙය ගෑස් මිල දෙගුණ වීමට ආසන්න වැඩි වීමකි

ඒ සමග කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1945 ක් දක්වාද, කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 910 ක් දක්වා ද මිල ඉහළ දමා තිබේ.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල්, 1081 කින් සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 506 කින් ද, මිල ඉහළ දමා තිබේ. එම මිල වැඩි කිරීම දෙගුණයකට වැඩි ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *