ආර්ථික අර්බුදය ආණ්ඩුවේ ම නිර්මාණයක් බව මුදල් ඇමති කියයි

වත්මන් ආර්ථික අර්බුදයට හේතු වුයේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට ගත් වැරදි තීන්දු බව මුදල ඇමති අලි සබ්රි මහතා ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුව බලයට පත් වූ වහාම කළ බදු කපාහැරීම සිදු කළේ එම ආදායම් ලබාගැනීමේ කිසිදු විකල්ප ක්‍රමයක් නොමැතිව බවත්, වැටුප් ගෙවීමේ හැකියාව ගැන නොතකා රාජ්‍ය සේවයට විශාල පිරිසක් බඳවා ගැනීම වරදක් බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

පසුගිය රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කොට තිබීම ද ප්‍රශ්නය උත්සන්න වීමට හේතු වී තිබේ.

නිසි කලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නොයාම රජය කළ තවත් වරදක් බව මුදල් ඇමතිවරයා ඇමති මණ්ඩලයට ප්‍රකාශ කොට තිබේ.

දැන් රට මුහුණ දී තිබෙන්නේ බරපතළ අර්බුදයකට බවත්, එය වළකා ගැනීමට තිබු අවස්ථා පැහැර හැර ඇති බවත්, මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *