මම ම කරන්නම්, තව ටික කාලයක් දෙන්න – ජනාධිපති මහ නා හිමිවරුන්ට ලියයි

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා තම රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ,එම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලැබෙන තෙක් තව ටික කලක් තමාට ලබා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටින බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මහ නා හිමිවරුන් වෙත ලිපියක් යවමින් කියා සිටියි.

ආර්ථික අර්බුදය මෙතරම් උත්සන්න වීමට පසුගිය වසර දෙකේ තමන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය හේතු වූ බව පිළිගෙන නැති  ජනාධිපතිවරයා කියන්නේ එයට පැවති සියලු රාජ්‍යයන් වග කිව යුතු බවයි.

20 වැනි සංශෝධනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ නම් සහය දෙන බව කියන ජනාධිපතිතුමා ඒ සමගම කියන්නේ එය පාර්ලිමේන්තුව තනියම නොව ජනාධිපති සමග හවුලේ කළ යුතු බවයි.

ඒ අතර තමන්ගේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ ක්‍රියාකාරීත්වය ද මහ ඉහළින් උපුටා දක්වන්නට ජනාධිපතිවරයා යළිත් උත්සුක වී තිබේ. එයින් වෙනත් ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැති බව අඟවන්නට උත්සහ දරන බව පෙනෙන්නට තිබේ.

අන්තර් වාර පාලනයක් පිහිටුවීමට තමා සුදානම් බව කියන අතර නැවත කියන්නේ තමන් කළ ආරාධනාව කිසිවකු නොපිළිගත් බවයි.

අන්තර් වාර පාලනය ද තමන්ගේ ම ආණ්ඩුවක් විය යුතුය යන අදහසේ ජනාධිපතිතුමා සිටින බව එයින් පෙන්නුම් කරයි.

හරය වශයෙන් ලිපියෙන් කියන්නේ සියලු ප්‍රශ්න තමන් විසින් ම විසඳන බව සහ එයට තව ටිකක් කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි.

ජනාධිපතිතුමා මහනායක හිමිවරුන් වෙත යවන ලද සම්පුර්ණ ලිපිය පහත ඵලවෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *