රටේ කඩා වැටීමක් අත ළඟ – රනිල් අනතුරු අඟවයි

 

 

මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ගෙන “ගෝඨා ගෝ ගම” ඇතුළු සියලු තැන්වල සිටින තරුණ තරුණියන්ගේ ද අදහස් ලබාගෙන ඉදිරි පියවර ගත යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ පවතින තත්වය  පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි මෙි මැතිවරණ පවත්වන්නට ද වෙලාවක් නොවන බවයි.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *