මන්ත්‍රීවරුන් 70 ක් සමග නාමල් රාජපක්ෂ විපක්ෂයට ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය සහ අගමැති ධුරය අහිමි වුවහොත් තමන්ට දිගට ම පක්ෂපාතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සමග විපක්ෂයේ අසුන් ගැනීමට හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහතා සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ තම හිතවත් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට ඇති බවත්, ඔහුට සහය දීමට මන්ත්‍රීවරුන් 70 ක් පමණ කැමැත්ත පළ කොට ඇති බවත්, කියති.

දැනට සමගි ජන බලවේගයට ඇති 56 ක මන්ත්‍රී සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් ඔහු සමග එක් වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට හිමිකම් කියන්නට නාමල් රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙයි.

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සමග තව දුරටත් දේශපාලන ගමනක් නැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවත්, ජනාධිපති හමුවීම ද ප්‍රතික්ෂේප කොට ඇති බවත්, වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *