මහාචාර්ය චරිත හේරත් කැරැල්ලට එක්වෙයි ; ආණ්ඩුව ඉවත් විය යුතු බව කියයි

 

අගමැති සහ ඇමති මණ්ඩලය ඉවත් වී භාරකාර රජයකට පාලනය භාරදිය යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාව තමන් ද අනුමත කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , කෝප් කමිටු සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එමෙන් ම ජනාධිපති බලය ඉවත්කරන ව්‍යවස්ථා සංශෝධනය ද මාස තුනක් තුළ සම්මත කළ යුතු බව ද චරිත හේරත් මහතා කියයි.

මාස අටක පමණ කාලයක් සඳහා භාරකාර රජයක් ක්‍රියාත්මක කොට මැතිවරණයක් පවත්වා නව රජයක් පත් කර ගත යුතු බව ද ඒ මහතා තම පණිවිඩයේ සඳහන් කරයි.

මේ අනුව අන්තර් වාර පාලනයක් සහ ජනාධිපති බලය ඉවත්කිරීම සඳහා වන ඉල්ලීම්වලට තවත් ශක්තියක් එක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *