විස්ස අහෝසි කරන ආණ්ඩුවේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

ජනාධිපතිට අසීමිත බලතල ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය අහෝසි කරමින් දහ නව වැනි සංශෝධනයේ තත්ත්වය නැවත ඇති කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සුදානම් කොට ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මෙලෙස ඉදිරිපත් කරන්නට යන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් කෙටුම්පත් කොට ඇති සංශෝධනයක් බව දැනගන්නට ඇත. එම කෙටුම්පත මගින් ජනාධිපති බලය අවශ්‍ය තරමින් සීමා කොට ඇති ද යන්න ගැන විපක්ෂ දේශපාලන අංශ සැක පළ කරයි.

මේ අතර වෙනත් පක්ෂ විසින් කතානායක වරයා වෙත භාර දී ඇති ව්‍යවස්ථා සම්පාදන යෝජනා පිලිබඳ කෙටුම්පත් ද කතානායකවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාර දී ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *