මුල්‍ය අරමුදල රටවල් අල්ලන්න එන්නේ නැහැ ; ඔවුන් කියන්නේ අප කළ යුතු දේවල් – හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු රටවල් අල්ලා ගන්නට එන සංවිධානයක් නොවන බවත්, ඔවුන් කියන්නේ කොහොමටත් අප කළ යුතු දේවල් බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

ලක්ෂ හත හමාරකින් කරගෙන යා හැකි රාජ්‍ය සේවය මේ වනවිට ලක්ෂ 15 ක් දක්වා වැඩි කරගෙන ඇති බවත්, දැන් එය අඩු කළ නොහැකි නමුත් එයින් ආර්ථිකයට ඵලදායී සේවයක් ලබා ගැනීමට ක්‍රියා කළ යුතුව ඇති බවත් ඒ මහතා කියයි.

රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ දේශපාලන මැදිහත්වීම් නිසා බවත්, එයින් ඉවත්කරන ක්‍රමයක් සකස් කළ විට මාස හයකින් ලාභ ලැබිය හැකි බවත් ඒ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කීවේ මෙම අර්බුදයෙන් ගොඩ යාමට අපට තව වසර 15 ක් වත් දුක් විඳින්නට සිදුවිය හැකි බවයි.

අන්තර් වාර පාලනයක් පිහිටුවීම අපහසු දෙයක් නොවන බවත්, එවැන්නක් මේ මොහොතේ අවශ්‍ය බවත්, හිටපු විගණකාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *