අගමැති මහින්දට සහය දෙන්න ආවේ 88 යි ; යන්නම වෙන හැඩ !

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීමේ යෝජනාවක් සම්මත කරගැනීම සඳහා පසුගිය සිකුරාදා කැඳවා තිබු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරුන් 88 දෙනෙකු පමණක් බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට 113 ක් අවශ්‍ය බැවින් මෙය මන්ත්‍රීවරුන් 25 කගේ පමණ අඩුවකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ 147 ක බලයක් තිබු අතර වෙනත් පක්ෂවලි ලබාගත් සහය සමග එම සංඛ්‍යාව 157 ක් ව පැවතිණි.

මෙයින් මන්ත්‍රීවරුන් 42 ක් පාර්ලිමේන්තුවේ ස්වාධින වී සිටින අතර තව මන්ත්‍රීවරුන් තිදෙනෙකු රජයට තව දුරටත් සහය නොදෙන බව ප්‍රකාශ කොට ඇත.

ඒ අතර පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 10 ක් ජනාධිපතිතුමා වෙත ලිපියක් භාරදෙමින් නව අගමැතිවරයකු යටතේ අන්තර් වාර පාලනයක් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව ඍජු ලෙස ආණ්ඩුවට විරුද්ධ වී ඇති පිරිස 55 කි.

මීට අමතරව හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම, අලුතින් පත් වූ ජනමාධ්‍ය ඇමති නාලක ගොඩහේවා මහත්වරුන් ද අන්තර් වාර පාලනයක් ඉල්ලා සිටියේ ය. ආණ්ඩුව තුළ තවත් පිරිසක් එම මතය දරන බව කියති.

ඒ අනුව මෙම ආණ්ඩුව පවත්වාගෙන යාමට සහය දෙන මන්ත්‍රී කණ්ඩායම සියයකට වඩා අඩු බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

අගමැතිතුමාගේ සිකුරාදා රැස්වීමට සහභාගී වූ පිරිස අතර ද වෙනස් අදහස් ඇති අය සිටි බවත්, ඔවුන් තම අදහස් ඍජු ලෙස ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත්, අපගේ ආරංචි මාර්ග කියයි.

මේ අතර තමා දිගට ම අගමැති ධුරයේ සිටින බවත්, අන්තර් වාර පාලනයක අගමැති තම බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *