ව්‍යවස්ථා සංශෝධන කූට ප්‍රයෝග – අනුර කේ එදිරිසූරිය 

 

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ බොරු විශාල සංඛ්‍යාවක් ජනතාවට කියමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට එරෙහිව කියනු ලැබූ මුසාවාද ඒ අතරින් ප්‍රධාන වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික අරමුණ විය යුත්තේ ජනතාවගේ බලය තහවුරු කිරීම වුව 19 වැනි සං⁣ශෝධනයට පෙර මෙරට ක්‍රියාත්මක වූ 18 වැනි සංශෝධනය  සැකසී තිබුණේ  රාජපක්ෂ පවුලේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙනි. පෙර පැවැති 17 වන සංශෝධනයේ යහපත් ලක්ෂණ උදුරා දමමින් , ⁣එතෙක් ව්‍යවස්ථාවෙන් පණවා තිබූ එක් තැනැත්තකුට දෙවතාවකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය යන කොන්දේසිය අහෝසි කිරීම මගින් මහින්ද රාජපක්ෂ මහතාට දිවි ඇති තෙක් බලය හොබවන්නට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම පමණක් වුව ඊට නිදසුන් වශයෙන් සෑහේ.

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පත්කර අධිකරණය රාජ්‍ය සේවය පොලිසිය ආදි ආයතනවලට දේශපාලන මැදිහත් වීමෙන් තොරව ස්වාධීනව කටයුතු කරන්නට හැකි පරිසරයක් සැකසීම ආදි යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසක් 19 වන සංශෝධනය මගින් මෙරටට හඳුන්වා දෙනු ලැබූ නමුත් මහින්ද හිතවාදීහු  එකල ඒ සියල්ල නොසලකමින් 19 වැනි සංශෝධනය දැඩි ලෙස විවේචනය කළහ.එහිදී ඔවුන්ගේ දැඩිතර විවේචනය එල්ල වූයේ ස්වාධීන කොමිෂන් සභා කෙරෙහිය. ඒ, ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නැත යන මතය තහවුරු කරන ස්ථාවරයේ පිහිටාය. අවසානයේ 19 අහෝසි කර වත්මන් ආණ්ඩුව 20 වන සංශෝධනය ක්‍රියාත්මක කරනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය වඩාත් ශක්තිමත් කරමිනි. එසේම , එතෙක් ස්වාධීන කොමිෂන් සභා සතුව පැවැති ස්වාධීනත්වය මුළුමනින්ම අහෝසි වන ආකාරයට ජනාධිපතිවරයාට පාලනය කළ හැකි රූකඩ ආයතන රැසක් බවට ඒවා පත්කරමිනි.20 වන සංශෝධනයට වසර⁣ තුනකට ආසන්න කාලයක් ගතවන විට දැන් නැවතත් අඩුපාඩු සකස් කර 19 නැවත ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබීම ඓතිහාසික සංසිද්ධියක් වන්නේ එහෙයිනි. තවත් ආකාරයකින් මෙය සියල්ල රිවස් කරන වත්මන් ආණ්ඩුව තමන්ගේ ව්‍යවස්ථා සංශෝධනයත් රිවස් කරන්නට සූදානම් වීමක් වශයෙන් ද සැලකිය හැකිය.

19 අහෝසි කර වත්මන් ආණ්ඩුව 20 වන සංශෝධනය ක්‍රියාත්මක කරනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය වඩාත් ශක්තිමත් කරමිනි. එසේම , එතෙක් ස්වාධීන කොමිෂන් සභා සතුව පැවැති ස්වාධීනත්වය මුළුමනින්ම අහෝසි වන ආකාරයට ජනාධිපතිවරයාට පාලනය කළ හැකි රූකඩ ආයතන රැසක් බවට ඒවා පත්කරමිනි.20 වන සංශෝධනයට වසර⁣ තුනකට ආසන්න කාලයක් ගතවන විට දැන් නැවතත් අඩුපාඩු සකස් කර 19 නැවත ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබීම ඓතිහාසික සංසිද්ධියක් වන්නේ එහෙයිනි. තවත් ආකාරයකින් මෙය සියල්ල රිවස් කරන වත්මන් ආණ්ඩුව තමන්ගේ ව්‍යවස්ථා සංශෝධනයත් රිවස් කරන්නට සූදානම් වීමක් වශයෙන් ද සැලකිය හැකිය.

20 වන සංශෝධනය විවේචනය කළ අයට එකල ආණ්ඩුව දුන් පිළිතුර එහි දුර්වලතා මඟහැරවීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේය යන්නය. අලුත් ව්‍යවස්ථාවක් යටතේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ආදි ගැටලු නිරාකරණය වනු ඇතැයි එකල විමල්, ගම්මන්පිල ආදීහු ජනතාව සන්සුන් කළහ. පොරොන්දුව පරිදි අලුත් ව්‍යවස්ථාව වසරක් ඇතුළත ගෙන ආ යුතුව තිබුණු නමුත් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ කිසිවකුට ඒ පිළිබඳ මතකයක් හෝ තිබුණේ නැත.

ආණ්ඩුව ඇතුළු පාර්ලිමේන්තුවේ සියල්ලන්ටම පාහේ දැන් හදිසියේ 19 ට ආපසු යාම, ව්‍යවස්ථා සංශෝධන ආදිය මතක් වී ඇත්තේ 225ම ගෙදර යනු!  යනුවෙන් මතුවන ජනතා විරෝධය ⁣හේතුවෙනි. මේ හදිසි ව්‍යවස්ථා සංශෝධනය  ජනතා යහපත සඳහා ගැනෙණ පියවරක් වශයෙන් සලකනවාට වඩා ආණ්ඩුවේත් පාර්ලිමේන්තුවේත් එහි සාමාජිකයන්ගේත් ජාම බේරා ගැනීම සඳහා වන පියවරක් වශයෙන් සැලකිය හැකි වන්නේ  එහෙයිනි. මේ වන විට විවිධ පිරිස් විවිධාකාර ව්‍යවස්ථා සංශෝධන යෝජනා කතානායකවරයා හමුවේ තබමින් සිටිති. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යහ පාලන සමයේ එකතු කරන ලද මහජන අදහස් ගොන්නක් පවතින බව ඒ කිසිවකුට මතකයේ නැති බවද පෙනේ. මේ මොහොතේ ගෙනෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනා කොතරම් ප්‍රායෝගිකද යන ගැටලුවද මෙහිදී අමතක කළ යුතු නැත. මතුව ඇති ගැටලුව කෙරෙහි ව්‍යවස්ථාව යම් ආකාරයකින් බලපා ඇති නමුත් ගැටලුවට එකම හේතුව ව්‍යවස්ථාව නොව රාජ්‍ය පාලනය, ප්‍රතිපත්ති  සහ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයකි.

ආණ්ඩුව ඇතුළු පාර්ලිමේන්තුවේ සියල්ලන්ටම පාහේ දැන් හදිසියේ 19 ට ආපසු යාම, ව්‍යවස්ථා සංශෝධන ආදිය මතක් වී ඇත්තේ 225ම ගෙදර යනු!  යනුවෙන් මතුවන ජනතා විරෝධය ⁣හේතුවෙනි. මේ හදිසි ව්‍යවස්ථා සංශෝධනය  ජනතා යහපත සඳහා ගැනෙණ පියවරක් වශයෙන් සලකනවාට වඩා ආණ්ඩුවේත් පාර්ලිමේන්තුවේත් එහි සාමාජිකයන්ගේත් ජාම බේරා ගැනීම සඳහා වන පියවරක් වශයෙන් සැලකිය හැකි වන්නේ  එහෙයිනි.

ප්‍රශ්නයට විසඳුම් වශයෙන් පසුගිය දා කැබිනට් සංශෝධනයක් කළ නමුත් එමගින් ජනතාවට යහපතක් සිදුවන බවක් පෙනෙන්නට නැත. අද ප්‍රශ්නය පවතින්නේ ද කැබිනට් සංශෝධනයකින් විසඳා ගත හැකි අවදියක  නොවේ. කැබිනට් සංශෝධනය ප්‍රශ්නයට විසඳුමක් නම් වත්මන් ආණ්ඩුව කළ කැබිනට් සංශෝධන සංඛ්‍යාව අනුව මෙරට මේ වන විට කිසිදු ගැටලුවක් තිබෙන්නට පුළුවන්කමක් ද නැත.

ජනතාව ගෝඨා ගෝ හෝම් ! කියති. ව්‍යවස්ථා සංශෝධනය ගෝඨා ගෙදර යවන්නක්ද නැතිනම් වීදි බැස සිටින ජනතාව බොරු මවා පෑමක් මගින් ගෙදර යැවීමේ උත්සාහයක්ද යන්න සිතිය යුත්තේ එහෙයිනි. සොරා කෑ සල්ලි දීපල්ලා ! යි ජනතාව කියති ව්‍යවස්ථා සංශෝධනයකින් පාලකයන් සොරා කෑ ජනතා මුදල් නැවත ලබා ගත හැකිද ? එසේ කළ හැකි ආකාරයේ පිවිසුමකට වත්මන් පාර්ලිමේන්තුවේ කී දෙනකුගේ සහය ලැබෙනු ඇතිද? ව්‍යවස්ථා සංශෝධන මගින් ගැටලු විසඳන්නට යෝජනා කරන තැනැත්තන් ඒ ගැන පැහැදිලි කළ යුතුය. ව්‍යවස්ථා සංශෝධන යනු දිනකින් දෙකකින් ඉටු කළ හැකි කාර්යක් නොවන සේම, පවතින ගැටලුවලට විසඳුම් සෙවීම කල් මරමින් සිටිය හැකි කාරණයක් ද නොවේ. ජනතාවට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ පවතින ආර්ථික ගැටලු ඉක්මනින් විසදනු ලබනු දැකීමය. එසේම, දූෂණය,  නාස්තිය , ගසාකෑම අවසන් කරන අලුත් පාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමය.එකී අරමුණ ඉටුකර ගැනීමේ සැබෑ වුවමනාවක් පාර්ලිමේන්තුවට විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවට තිබේ නම් ව්‍යවස්ථා සං⁣ශෝධනය හැර විකල්ප සොයා ගත හැකිය. නිදසුනක් වශයෙන් වත්මන් අර්බුදය විසඳන මගක් ජනතාවටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්නට පුළුවන. එය ආණ්ඩුවට මෙන්ම විරුද්ධ පක්ෂවලටත් කළ හැකි දෙයකි.

බලය රැක ගැනීම හැර ප්‍රශ්න විසඳීමේ වුවමනාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බව පසුගිය කැබිනට් සං⁣ශෝධනයෙන් වුවත් පැහැදිලි කෙරේ. ඒ අමාත්‍යංශ බාරදී ඇති ආකාරය අනුවය. අදාළ විෂයයන් පිළිබඳ දැනුමක් , අවංකභාවයක්,  පලපුරුද්දක් ඇති අයෙක් කැබිනට්ටුවේ සිටිතැයි කිය නොහැකිය. චරිත හේරත් වැන්නකුට පවා ඒ කැබිනට්ටුවේ ඉඩ නැත. නරියාට කුකුළන් බාර දුන්නා සේ ඇන්ටිජන් කට්ටල වංචා සම්බන්ධව නම කියැවුණු ,  වර්තමාන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයට වගකිව යුතු තැනැත්තාට මුළු මහත් සෞඛ්‍ය සේවයම බාර දීමෙන් ඒ බව පැහැදිලි වේ.

 බලය රැක ගැනීම හැර ප්‍රශ්න විසඳීමේ වුවමනාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බව පසුගිය කැබිනට් සං⁣ශෝධනයෙන් වුවත් පැහැදිලි කෙරේ. ඒ අමාත්‍යංශ බාරදී ඇති ආකාරය අනුවය. අදාළ විෂයයන් පිළිබඳ දැනුමක් , අවංකභාවයක්,  පලපුරුද්දක් ඇති අයෙක් කැබිනට්ටුවේ සිටිතැයි කිය නොහැකිය. චරිත හේරත් වැන්නකුට පවා ඒ කැබිනට්ටුවේ ඉඩ නැත. නරියාට කුකුළන් බාර දුන්නා සේ ඇන්ටිජන් කට්ටල වංචා සම්බන්ධව නම කියැවුණු ,  වර්තමාන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයට වගකිව යුතු තැනැත්තාට මුළු මහත් සෞඛ්‍ය සේවයම බාර දීමෙන් ඒ බව පැහැදිලි වේ.

ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ජනතා ඉල්ලීමට සවන් දෙන්නේනම් මේ මොහොතේ කළ යුතු වන්නේ දැවෙන ජනතා ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබා දිය හැකි ක්‍රමවේදයක් ඉක්මනින් සලසා හැකි කෙටිම කාලයක් තුළ තමන් කැමති පාලක පිරිසක් තෝරා ගැනීමට අවස්ථාව ජනතාවට ලබා දීමය. හොඳම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුම වන්නේ  අලුතින්  පත්වන ආණ්ඩුවකට ව්‍යවස්ථාව පිළිබඳ තීරණය ගැනීමට අවස්ථාව ලබා දීමය.

 අනුර කේ එදිරිසූරිය

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *