’’අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවට බලය දෙමු’’ – හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම


 

 

අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ  අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු  ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න  අපේක්ෂාවෙන්  සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවද එම ලිපියේ සඳහන් වේ.

හිටපු ඇමති අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේ දී ඊයේ ( 21) හමුවී මෙම ලිපිය භාරදී ඇත.

එහි මෙසේද සඳහන් වේ

(අජන්ත කුමාර අගලකඩ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *