ජනපතිට යන්නැයි විපක්ෂය දන්වයි

 

පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රඹුක්කන ඇතිවූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයක් අපට අවශ්‍යයි. එසේ නැතිව නොයෙක් පොලිසි වලට පරීක්ෂණ කරන්න කියා වැඩක් නැහැ.මේ ආණ්ඩුවට තිබෙන්නේ වැලිකඩ සිරකරුවන් ඝාතනය කළ ඉතිහාසයක්.එදා හමුදා බස් රථයටත් ගිනි තැබුවේ ආණ්ඩුවේ නියෝජිතයන්.වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ වගකීම අප බාරගන්නවා.යනුවෙන්ද සජිත් පේමදාස මහතා පැවසීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *