එජාපයේ මිල සුත්‍රය යළි එයි ; විදුලියටත් මිල සුත්‍රයක්

 

ඉන්ධන සඳහා මිල සුත්‍රයක් යළි හඳුන්වා දීමට ක්‍රියා කරන බවත්, විදුලිය සඳහා ද නිෂ්පාදන වියදම අනුව මිල නියම කරන ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

දින 52 ආණ්ඩුවෙන් පසු පැවති එජාප ආණ්ඩු සමයේ හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඉන්ධන මිල සුත්‍රය හඳුන්වා දෙන ලද අතර එවකට විපක්ෂය එයට විරුද්ධ වුයේ ලෝක වෙළෙඳපොළේ මිල අනුව මිල වැඩි කිරීමට ආණ්ඩුවක් අවශ්‍ය නැති බව කියමිනි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ මිල සුත්‍රය අහෝසි කළේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල විශාල ලෙස අඩු වී තිබිය දී ය.

කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වන විට ආණ්ඩුව යලිත් මිල වැඩි කරන්නට පටන් ගත්තේ කිසිදු සුත්‍රයක් නැතිව ය.

මේ වනවිට ඉන්ධන මිලට වඩාත් බලපා ඇත්තේ දිගින් දිගට කළ මුදල් නෝට්ටු මුද්‍රණය නිසා රුපියලේ අගය පහත වැටී ඩොලරයට ඉහළ මිලක් නියම වීම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *