බස් ගාස්තු සියයට 35 කින් නගී ; අවම ගාස්තුව රුපියල් 27 යි

 

සියලු බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වන බව ලංකා පෞද්ගලික බස් ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව සාමාන්‍ය බස් රථ සඳහා අවම ගාස්තුව රුපියල් 27 කි. අර්ධ සුඛෝපභෝගී බස්රථ සඳහා රුපියල් 33 ක් සහ සොඛෝපභෝගී බස් රථ සඳහා රුපියල් 40 ක් වශයෙන් අවම ගාස්තු නියම කොට ඇත.

සියලු ගාස්තුවල සමස්ත ඉහළ යාම සියයට 35 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *