තිරිඟු පිටි කිලෝව රුපියල් 250 ට , පාන් ගෙඩිය 130 ට නගී

 

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 250 දක්වා ඉහළ යයි.

සෙරෙන්ඩිබ් සමාගම ද මිල වැඩිකරන බව අලෙවි නියෝජිතයින් වෙත දන්වා තිබේ.

මෙම මිල වැඩි කිරීමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 20 කින් ඉහළ යන බව බේකරි හිමියන්ගේ සංගම් ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව රුපියල් 110 කට විකිණෙන පාන් ගෙඩියක මිල රුපියල් 130 දක්වා ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *