19 වැනි සංශෝධනයට ආපසු යන්න යෝජනා කරනවා – අගමැති මහින්ද පාර්ලිමේන්තුවට කියයි

 

වත්මන් දේශපාලන අර්බුදයට ඉක්මන් විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය සංශෝධන සහිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට යෝජනා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.

ඉන් පසුව වඩා විධිමත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතු බව අගමැති තුමා කීය.

19 සංශෝධනය ක්‍රියාත්මක කළ හොත් ජනාධිපතිට 20 වැනි සංශෝධනයෙන් ලබා දුන් අත්තනෝමතික බලය අවසන් වෙයි.

එමෙන් ම ස්වාධින කොමිසන් සභා ආදිය ද යලි ක්‍රියාත්මක කළ හැකි වනු ඇත.

කෙසේ වෙතත්, මේ මොහොතේ 19 ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස කෙරෙන බලපෑම්වලට පිළිතුරක් ලෙස බවත්, විධායක බලය සීමා කළ ජනාධිපති ධුරයේ ගෝටාභය රාජපක්ෂ මහතා දිගට ම රැඳී සිටිනු ඇති බවත්, පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *