නව ඇමති මණ්ඩලය පත් කිරීමෙන් ආණ්ඩුවේ අලුත් ගැටුමක් ; තව පිරිසක් ස්වාධින වන ලකුණු

 

නව ඇමති මණ්ඩලය පත් කර ඇති ආකාරය ගැන ආණ්ඩුවේ හිටපු ජෙෂ්ට ඇමතිවරුන් ගණනාවක් විරෝධය ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අනුරාධපුරයේ දී මාධ්‍ය අමතා අද ප්‍රකාශ කොට ඇත්තේ නව ඇමති මණ්ඩලය පත් කිරීමේ දී තමන් රැවටීමකට ලක් කොට ඇති බවයි.

අලුතින් ඇමති මණ්ඩලයක්  පත් කිරීමට ජනාධිපතිට අවශ්‍ය බව කී නිසා තමන් ඉල්ලා අස් වූ බවත්, එහෙත් දැන් තෝරාගත් පිරිසකට පමණක් ඇමති තනතුරු දී ඇති බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

දිස්ත්‍රික් මට්ටම්මින් ජෙෂ්ටයන් ඉවත් කොට කනිෂ්ට සහ මෙවර පාර්ලිමේන්තුවට පැමිණි අයටත් කැබිනට ඇමති තනතුරු දීමෙන් හිටපු බොහෝ ඇමතිවරුන් කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙයි.

මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී බී රත්නායක , එස් එම් චන්ද්‍රසේන , පවිත්‍රා වන්නිආරච්චි , එස් බී දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ජෙෂ්ටයින් ගණනාවක් නව ඇමති මණ්ඩල සංශෝධනය ගැන තම විරෝධය ප්‍රකාශ කොට ඇති බව කියති.

තවත් වර්තාවක සඳහන් වුයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද නව ඇමති මණ්ඩලයේ පත්කිරීම්වලට විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇති බවයි.

ඇමති මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට ද අගමැතිතුමා සහභාගී වුයේ නැත. නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දෙන අවස්ථාවට අගමැතිවරයා සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමකි.

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම ගැන කලකිරීමට පත්ව ඇති හිටපු ඇමතිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධින වීමට තමන් සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *