ජනාධිපති ප්‍රධාන වැරදි දෙකක් පිළිගනී ; රසායනික පොහොර තහනම, අයි එම් එෆ් නොයාම වැරදියි

රසායනික පොහොර තහනම් කිරීම සහ කල්තබා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීම වැරදි බව ජානාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ය.

නව කැබිනට මණ්ඩලය අමතා කතා කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, එබඳු ක්‍රියා මාර්ගයකට තම සම්පුර්ණ සහාය ලබාදෙන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

තමන් කළ වැරදි නිවැරදි කරගන්න බව  ද ජනාධිපතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *