බිලීබෑම් අසාර්ථකයි ; පොහොට්ටු ඇමති මණ්ඩලයක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමති මණ්ඩලයක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර ආණ්ඩුවෙන් ඉවත් වූ හෝ විපක්ෂයේ හෝ මන්ත්‍රීන් කිසිවකු එයට ඇතුළත් කරගත නොහැකි වී ඇති බව පෙනෙන්නට තිබේ.

පොදුජන පෙරමුණ හැරුණු විට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ් මහතා පමණක් ඇමති තනතුරක දිවුරුම් දී ඇත. ඒ මහතා 20 වැනි සංශෝධනයට සහය දෙමින් ආණ්ඩුව සමග එක් වී සිටියේ ය.

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු ස්වාධින වූ කණ්ඩායමේ අයට ඇමති ධුර ලබදීමට ආණ්ඩුව ඔවුන්ට ආරාධනා කොට තිබුණ ඔවුන් කිසිවකු ඇමති ධුර භාරගෙන නැත.

පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන් 105 කගේ පමණක් සහය ලබන ආණ්ඩුව කැබිනට් මණ්ඩලය පත්කිරීම මගින් 113 ක බහුතරය සදා ගැනීමට දැරූ ප්යත්නය ආසාර්ථක වී ඇති බව මේ අනුව පෙනීයයි.

ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  ඇමතිවරුන් මෙසේය.

  1. දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
  2. රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
  3. චන්න ජයසුමන – සෞඛ්‍ය
  4. ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
  5. කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
  6. දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
  7. දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
  8. කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
  9. ඩග්ලස් දේවානන්ද – ධීවර
  10. ප‍්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක
  11. විදුර වික‍්‍රමනායක – කම්කරු
  12. ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
  13. මොහාන්ද සිල්වා – ජල සම්පාදන
  14. විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
  15. තේනුක විදානගමගේ – ක‍්‍රීඩා හා තරුණ කටයුතු
  16. නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
  17. නසීර් අහමඩ් – පරිසර
  18. ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *