අගමැති මහින්ද වෙනුවෙන් උගන්ඩාවේ සේරනිටි ග්රූප් සමාගමෙන් නිවේදනයක්

 

තම සමාගමේ ඩොලර් මිලියන 10 ක් මහින්ද රාජපක්ෂ මහතා නමින් ආයෝජනය කොට ඇතැයි පලවන ප්‍රවෘත්ති බොරු බව උගන්ඩාවේ සේරනිටි ග්රූප් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නොමග ගිය පිරිසක් මෙම චෝදනා කරන බවත්, තම සමාගම ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාවේ බැංකු සමග සම්බන්ධ වී දියුණු වූ බවත්, ඒ බව නොදන්නා පිරිස් මෙම චෝදනා එල්ල කරන බවත්, එම සමාගම කියයි.

කෙසේ වෙතත්, කිසිවෙකු සේරනිටි ග්රූප් සමාගමට චෝදනා එල්ල කර නොතිබූ අතර සමාගම මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ ඔවුන් කියන පරිදි ඔවුන්ගේ ගනුදෙනු කරුවකු නොවන මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *