දුෂණය නැවත්වීම හිතූ තරම් ලේසි නැහැ – ආසියානු මානව හිමිකම් කේන්දරයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු

Besil FErnando
මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ සාකච්ඡුා මණ්ඩපවල තියෙන ලොකු ගැටලූවක් මතු කිරීමට මම බලාපොරොත්තු වෙනව. විධායක ජනාධිපතික‍්‍රමය නැති කරන එක සියලූ දෙනා අතර ලොකු වචනයක් බවට පත්වුනා. හැම කෙනාම ගිරවු කියන්නා වගේ ඒක කියන්න පටන් ගත්ත. ඒක හොඳයි කියන කරුණ ගෙයක් ගෙයක් ගානෙ යන තරමට කතා වුණා. හු`ගක් දෙනෙකුට අමතකවුණා මොකක්ද මේ කියන එකේ අර්ථය? ජනාධිපතිතුමාගේ යම් බලතල ටිකක් පල්ලෙහාට දැමීමද ඒකෙ තිබුණ අර්ථය? මුලින් තිබුණ සාකච්ඡුාව විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව නෙමෙයි. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවෙලා ලංකාව ඒකාධිපතිත්වයකරා යන රටක් වීම  පිළිබඳවයි. ඒ සාකච්ඡුාව අමතක වුණා. අද වන විට මේක කෙටි මට්ටමකට ගෙනල්ලා.
‘හු`ග දෙනෙක් අහනව. දැන් ඉතින් අවුරුදු දෙකකුත් ගියානෙ. මොකුත් නෑනෙ’ කියල. මම පුදුම වෙනව මේ ගැන.  එහෙම විශාල ප‍්‍රමාණයක බලාපොරොත්තුවක් ඇතිකරගෙන තිබණ දැන් මේක හරියයි කියල. මෙතන තියන දේශපාලන හා සම්පූර්ණ ක‍්‍රමය ගැන ඇතිවෙලා තියෙන ගැටලූව හරියට ඉස්මතු කරල ගෙන්නෙ නැත්නම්, ඒ පිළිබඳව විශාල ප‍්‍රයත්නයක් රටපුරාම මතු වෙන්නෙ නැත්නම්, කරන්න බැරිවෙච්ච එක නෙමෙයි ප‍්‍රශ්නය. විශ්මකර්මයටවත් කරන්න බැරි දෙය, කරන්න පුළුවන්ය කියල විශ්වාස කරගෙන හිටපු එකයි ප‍්‍රශ්නය. එක දෙයක් අවශ්‍යවෙලා තිබුණ. පැවැතුන ආණ්ඩුව එළියට ඇදල දැමීම අවශ්‍ය වෙලා තිබුණ කොයි ක‍්‍රමයකට හරි, කාගෙ මාර්ගයෙන් හරි.
ඒ ප‍්‍රශ්නය වෙනයි. නමුත් ඒ මාර්ගයෙන් මිනිස්සු අතර ඇතිවෙනවද 1972 ඉඳල නොකඩවාම කරගෙන ගිය, ලංකාව ඇතුළෙ ඇති වෙච්ච ඒකාධිපති ක‍්‍රමය එච්චර ලේසියෙන් කරන්න වෙනස් කරන්න පුළුවන් කියල. එච්චර ලේසියෙන් කරන්න පුළුවන් කියල හිතනව නම් එකෙ අදහස තමයි අපේ හිතයට තිබුණ අදහස, අපි සරල කරගෙන ‘දැන් ඉතින් මේක ඉවරවෙයි’ කියල ලොකු බලාපොරොත්තුවක් ඇති කරගත්ත එක. එක්දහස් නමසිය පණස්ගණන්වල ඉතාමත් ලෝක ප‍්‍රසිද්ධියකට පත්වෙලා හිටපු ඇල්ඩස්ට් හොස්ටි කියන ලේඛකයා කිව්වා, ‘අනාගතයේදී ඇතිවෙන ඒකාධිපතිත්වය හිට්ලට්ගේ හා ස්ටලින්ගේ ඒකාධිපතිත්වයට සමාන එකක් නෙමයි කියල. මම එහෙම කිව්වෙ ඊට ඉස්සරවෙලා ඒකාධිපතිත්වය පිළිබඳ හොඳම නවකතා දෙක ලිව්වේ, ජෝර්ජ්  ඕවෙල් කියන ඉතා ශ්‍රේෂ්ඨ ලේඛකයා. ඔහුගේ ‘1984’ කියන ලේඛණය ම ලෝකයේ ඇතිවන ඒකාධිපතිත්වය පිළිබඳව කරපු පෙර දැක්මක් හැටියට සැලකුව. නමුත් ඇල්බට් හස්නි කිව්ව, ජෝර්ල්  ඕවෙල් ලියපු ඒ ශ්‍රේෂ්ඨ කෘතිය ලියල තියෙන්නේ පසුගිය ශත වර්ෂයේ අත්දැකීම් උඩ, ලෝකයේ අනාගතය ඒ සමානව ම නෙමේ සිද්ධ වුනේ. ඔහු විද්‍යාඥයෙක් ඔහුට විශාල දැනුමක් තිබුණා සන්නිවේදනය ඇති වේගෙන යන විශාල වෙනස්කම්, මනෝවිiාවේ ඇතිවේගන යන වෙනස්කම්. ඔහු කිව්වේ, අනාගතයේදී ඒකාධිපතියො එයි. ඒකාධිපතික‍්‍රම හදයි. ඒක ඒකාධිපතික‍්‍රමය කියල මිනිස්සු නොහිතන විධිහට. ඉස්සර ඉන්ජක්සන් ගහනකොට හරියට රිදෙනව. දැන් බෙහෙත් විද්දට රිදෙන්නෑ. නිර්වින්දනයක් ගානව. ඒකාධිපතිත්වය කියන එකත් සූක්‍ෂම ආකාරයෙන් දියත් වෙනව. පවතින්නෙ ඒකාධිපතිත්වය. නමුත් හැමදෙනාම කතාකරන්නෙ තමුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක ඉන්න විදිහට. ඒ අනාගත වාක්‍ය ඉෂ්ඨ වෙච්ච එක රටක් තමයි ලංකාව.
මොකක්ද ලංකාවෙ කරපු ක‍්‍රමය. ලංකාවේ ඒකාධිපතිත්වය ඇති කරපු පළමු ක‍්‍රමය ඉතාම සරල විදිහකට 1972 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල ටිකක් පල්ලෙහාට දැම්ම. මොකක්ද ප‍්‍රධාන වශයෙන් ම පනත්  ඕනම වෙලාවකදි, නීතියක් වැරදිනම්, ඒ නීතිය වැරදියි කියල අධිකරණයට ඔප්පු කෙරුවොත්, ඒ නීතිය අවලංගු කිරීමේ බලය තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයට. අපි ඒකට ඉංග‍්‍රීසියෙන් කියනව න්‍මාසජස්ක ඍැඩසැඅ ඡු්ඩැර කියල.
වාමාංශික ව්‍යාපාරය පවා ඉතා ප‍්‍රභූ වශයෙන් සලකපු, ඒ කාලේ නීතිඥ අංශයෙ ඉහළින්ම හිටපු කොල්වින් ආර්. ද සිල්වා, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක වගේ අය අතින් ඒක සිද්ධ වුනේ. ඒගොල්ල කළේ මොකක්ද? ‘අපි මේ බොහොම සුලූ දෙයක් කරන්නෙ. අපිට  ඕනෙ මේ පාර්ලිමේන්තුවෙ බලය ටිකක් වැඩි කරගන්න කියල.’ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ යම් මුල් ගල් ටිකක් උඩ තියන දෙයක්. ඒ මුල්ගල් එකක් එහාට කෙරුවොත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැඩෙනව. ඉතාම සූක්‍ෂම විදිහට ඒකෙ මුල් පියවර 1972 දි ගත්ත. එතකොට ජේ.ආර්. ජයවර්ධනගෙ කාලෙ එනකොට ජේ.ආර්. ජයවර්ධන මොකද කරන්නෙ? ඒකත් කරන්නෙ බොහොම සූක්‍ෂම විධිහට. ඒ පොත අරන් උඩින් බලපුවාම තියෙන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වචන මාලාවක්. නමුත් ඒකට යටින් සුළු දේවල් ටිකක් දාමාගත්තා. පළවෙනි එක ව්‍යවස්ථාවක් පවා ඉතා ලේසියෙන් වෙනස් කරන ක‍්‍රමයක් හදා ගත්තා.
අපි දන්නව සමහර නීති වෙනස් කිරීම, ඉතා වැදගත් දේවල් පිළිබඳ නීති වෙනස් කිරීම, අති විශාල මහජන කැමැත්තක් ලබාගෙන කළ යුතුයි කියන එක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූල ධර්මයක්. ජේ. ආර්. ජයවර්ධන දවස් තුනක දැන්වීමක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරල පනතක් ගේන්න පුළුවන්. වැඩි ඡුන්දයක් තිබුණොත් ඒක පාස්කරගන්න පුළුවන් ක‍්‍රමය ගෙනාව. එතකොට ව්‍යවස්ථාවම වෙනස් වෙනව. මේවගේ දේවල් වලින් තමයි ගොඩක් ප‍්‍රතිසංස්කරණ ගෙනාවෙ සම්පූර්ණ ක‍්‍රමය උඩ. මේක උඩින් බලපුවාම ලොකු දේවල් සිද්ධ වෙනව වගේ පෙනීමක් තිබුණෙ නෑ. දහස් ගණන් මිනිස්සු හිරේ වැටුනෙ නෑ. ඒකාධිපතික‍්‍රමයක් එනකොට එන්නෙ එහෙමනෙ. ඉස්සරවෙලාම විශාල සිරගෙවල් ඇතිවෙනව. දහස් ගණන් මිනිස්සු ඇතුළට දැමීම සිද්ධ වෙනව. ඒහෙම සිද්ධ වුනේ නෑ. පැවති ක‍්‍රමයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් විදිහට පවතින්න ඇති හැකියාව නැති කෙරුව. එතකොට යට තියන ඒ කෑලි අරන්ගෙන දැම්මට පස්සෙ එක්කෙනෙකු හසුරව ගන්න පුළුවන් විදිහට එය හදාගත්ත. නමුත් එහි ප‍්‍රතිඵලය අවසානයට වෙන්නෙ එය කාටත් හසුරව ගන්න බැරිදෙයක් බවට පත් වුණා.
අද ලංකාවේ රාජ්‍ය තන්ත‍්‍රයේ තියන ගැටළුව තමයි, කාටවත් හසුරව ගන්න බෑ.  ඕනෑම එකක තොරතුරු ටිකක් වැඩිපුර අරගෙන බලන්න. මම ළ`ගදි පොලිස් කොමිෂන් එකේ සභාපති එක්ක කතාකරපු වෙලාවෙ එයා කියපු කතාවක් තමයි, 2006 දි 24000ක් පොලිස් නිලධාරීන් බඳව ගත්ත රිසව් සර්විස් කියන එකට. ඒ අයට කිසිම සුදුසුකමක් නෑ. රටේ පොලිස් නිලධාරීන් 85000යි ඉන්නෙ. ඒකෙන් 24000ක් කිසිම සුදුසුකමක් නැති අය. නමුත් ඒක නෙමෙයි තියෙන ලොකු ප‍්‍රශ්නය. 2006 ගත්ත අය එදා රිසව් සර්විස්. ඒ කියන්නෙ පල්ලෙහාම මට්ටමේ. අද ඒ අය  ඕ.අයි.සී.ලා, ඒ.එස්.පී.ල බවටත් පත්වෙලා. රාජ්‍ය තන්ත‍්‍රයේ ඉතාම විශාලම කර්තව්‍යයක් ඉෂ්ඨ කිරීම තමයි නීතිය නීතිය සේ ක‍්‍රියා කරවීම. අභිමතය ක‍්‍රියාවට දැමීම නෙමෙයි. කැමැත්ත නීතිය හැටියට නෙමෙයි. නීතිය නීතිය හැටියට ක‍්‍රියාවට දැමීම. මේ කාර්ය බාරදීල තියෙන්නෙ ඒක හොඳ හිත තිබිලත් කරන්න බැරි මිනිස්සුන්ට. හු`ගක් වෙලාවට බනින්නෙ හොඳහිත නැති හින්ද කරන්න බෑ කියලනෙ. ඒක නෙමෙයි තියෙන ප‍්‍රශ්නය. හොඳ හිත තියන මිනිහෙකුටත් මේක කරන්න බෑ. මොකද හොඳ හිතෙන් නෙමෙයි රාජ්‍ය තන්ත‍්‍රයක් දුවන්නෙ. ඒකට අවශ්‍ය සුදුසුකම් තියෙන්න  ඕනෙ. ඒක කරන්න පුලූවන් අවබෝධයක් තියෙන්න  ඕනෙ. ඒක ක‍්‍රියාත්මක කරවන්න පුලූවන් තත්ත්වයක් තියෙන්න  ඕනෙ. අද හොඳම පොලිස් නිලධාරියෙකුටවත්, අවුරුදු 15ක් නඩු යනකොට, හොඳම නඩුකාරයො හිටියත්, හොඳම නීතිපති දෙපාර්තමේන්තුවෙ අය හිටියත්, මොකක්ද කරන්න පුලූවන්. මොකක්ද සිද්ධ වෙන්නෙ අතරමැදදි මිනිස්සු මේවායින් පලා යනව. නඩුකීමෙන් සාධාරණයක් පතා නඩු කීම නැති වෙලා යනව. සාධාරණයක් පතා නඩු කියන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ නෑ. මොකද දන්නව ඒක කරන්න බැරි දෙයක්. අවුරුදු 15ක් තිස්සේ නඩු කියන්න සිද්ධ වුණොත්? අපි නඩුවක් කියන්න යන්නෙ කොන්දේසි පිළිබඳව අපිට තියන විශ්වාසය උඩ. අපිට අසාධාරණයක් වෙලා තියනව. නීතියක් තියනව. ඒක නීතියට විරුද්ධයි. ඒක නීතිය හැටියට ක‍්‍රියාත්මක කරන අය ඉන්නව රටේ. ඒ ක‍්‍රමය රටේ තියනව. මට ප‍්‍රශ්නයක් ඇති වුණොත්, එතෙන්ඩ යන්නෙ ඒවා හිතාගෙන. අද කාටද එහෙම හිතාගන්න පුළුවන්?
මේ නීති ක‍්‍රමය පිළිබඳ විශ්වාසයක් තියෙන්නෙ කාටද? කිසිම කෙනෙකුට විශ්වාසයක් නෑ. විශ්වාසයක් කියන්නෙ හිතේ විශ්වාසයක් නෙමේ. ඇත්තටම ඒක කෙරෙන්නෑ. එතකොට මොකද වෙන්නෙ? කෙරෙන්නෑ කියන අවබෝධය ගියාට පස්සෙ ඒ ගොල්ලො මොනවද අවවාද කරන්නෙ මිනිස්සුන්ට, වෙන වෙන ක‍්‍රම වලින් මේව විසඳගන්න. ඒවා පගාවෙන් වෙන්න පුලූවන්. මැරවරයන්ගෙ උදව්වෙන් වෙන්න පුලූවන්. නැත්නම් වෙන විවිධාකාර දේවල් වලින් වෙන්න පුලූවන්. අපිට කියන්න බැරි ප‍්‍රමාණයක ¥ෂණ මාර්ගයෙන් වෙන්න පුලූවන්. ¥ෂණය මතම තියන ක‍්‍රමයක් තියෙද්දි. ¥ෂණයෙන් හැර වෙනත් ක‍්‍රමයකින් මිනිස්සුනට කිසිම දෙයක් කරගන්න බැරිකොට කොහොමද ¥ෂණය නැති කරන්නෙ? හැම කෙනාම වැඩි වශයෙන් ¥ෂණයට යෙදෙන්නෙ ඒ වැඬේ ඉක්මනට කරගන්න. මම කියන්නේ මහා පරිමාන ¥ෂණ ගැන නෙමේ සාමාන්‍ය ජීවිතයේ තියන ¥ෂණය. ඒ වැඬේ ඉක්මනට කෙරෙනව නම් ඒක අවශ්‍ය නෑ. කෙරෙන්නෙ නැත්නම් ඒ මිනිස්සුන්ට ක‍්‍රමයක් තිබිය යුතුයි. මේ ¥ෂණය නිෂ්පාදනය කරන්නෙ මොනවිදිහකින් හරි මොනවහරි කරගන්න හදන මිනිස්සුන්ව.
¥ෂණය විතරක් නෙමෙයි මේ අධ්‍යාපනය ක‍්‍රමයට වෙලා තියන දේ බලන්න. ටියුෂන්නෙ  අද අධ්‍යාපනය වෙලා තියෙන. මොකටද ටියුෂන් අවශ්‍ය වෙන්නෙ? පාසල් හරියට ගෙනියගන්න තත්ත්වයක් තියනව නම්. ටියුෂන් අවශ්‍ය නෑ. මම අවුරුදු 25ක් හොංකොං නගරයේ ඉන්නෙ. මම තව හු`ගක් රටවල් ගැන දන්නව ටියුෂන් කියල ජාතියක් ඇත්තෙ නෑ. පාසැලට ගිහිල්ල ළමයි ගෙදර එනව. මේක කොහොමද වෙන්නෙ? මේ ළමයි කොහෙන් හරි ඉගෙන ගන්න එපායැ. ඉස්කොලෙන් ඉගෙන ගන්න බැරිනම් කොහෙන් හරි ඉගෙන ගන්න  ඕනෙ. එතකොට දෙමාපියො අමාරුවෙන් හරි සල්ලි හොයලා ටියුෂන් පන්තියට අරිනව. මොකද කෙහොම හරි මේ ළමයට උගන්නව ගන්න. ¥ෂණයෙන් ඇති කරන්නෙ බැරි දෙයක් කරගන්න හදන මිනිස්සු. මේ නියමිත ක‍්‍රමය නැති වෙනකොට මිනිස්සු හදාගන්නව දුෂණ මාර්ගයෙන් හරි කරගන්න. ඒකෙ තියන යට ප‍්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැතුව, ඒක හදන්න උත්සාහයක් ගන්නෙ නැතුව ¥ෂණය නැති කරනව කියන එක බොරුවක්.
හු`ගක් දෙනෙක් කියන්නෙ දුෂණය නැති කරව කියල පොරොන්දු වුණා නමුත් ඒක කෙරුවෙ නෑ කියල. ¥ෂණය නැති කරනව කියල පොරොන්දු වුණා නම්, ඒ කරන්න පොරොන්දු වෙලා තියෙන්නෙ කරන්න බැරි දෙයක්. කාට හරි හිතෙන්න පුලූවන් ‘මම ගියොත් ඒක කරන්න පුලූවන්’ කියල. නමුත්  ඕන කමක් තිබුණත් කරන්න බෑ. මම මේ කාවවත් සාධාරණ කරන්න කියන කතාවක් නෙමෙයි. මේකෙ යට තියන ප‍්‍රශ්නය අමතක කරල ඉක්මනින් විසඳුම් හොයන්න ගිය එකෙන් මේ ගැන, වැඩිදුර කල්පනා කළයුතු මිනිස්සුන්ගේ ඔළුව ගියේ නෑ මේ ප‍්‍රශ්න. අදත් නෑ. අදත් කවුරුත් ගැඹුරට අහන්නෙ නෑ මේ ක‍්‍රමය පුලූවන්ද හදන්න. අධිකරණ ක‍්‍රමයක් නැතුව, හරියට ක‍්‍රියාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙන්නෙ කොහොමද? මොකක්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල කියන්නෙ? සාධාරණ නීති මගින් පාළනය වීම. සාධාරණ නීති හදනව ව්‍යවස්ථාධායකයෙන්, ඒවා ක‍්‍රියාවට දානව විධායකයෙන්, ඒවායෙ වැරදි තිබුනොත් අධිකරණයෙන් හදනව. සාධාරණ නීති වලින් ඇර වෙන මොනවගෙන්ද පාළනය කරන්න පුළුවන්. සාධාරණ නීති නැත්නම් නීති හදාගන්න එක එකක්. සාධාරණ නීති කොච්චර තිබුණත් මේක ක‍්‍රියාත්මක වන ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටිල තියනව නම්. ඒක හදාගන්නෙ නැතුව කොහොමද මේක යන්නෙ.
ඒකාධිපතිත්වය යටින් නීතිය නැති කළේ දේශපාලන ක‍්‍රමය, නීතිය ගැන හොඳට දන්න අය. ඒ පවුල් වලින් ආපු අය. ජේ.ආර්. ජයවර්ධන නීති පවුලකින් එන කෙනෙක්. තාත්තත් ලොකු නීතිඥයෙක්, ඒ පවුලෙ තවත් නීතිඥයො හිටිය. මේ ගොල්ල දැනගෙන හිටිය මෙතන තිබුණ මේ ක‍්‍රමය. මේ ක‍්‍රම කඩන හැටි දැනගෙන හිටිය. යම් සුලූ දෙයක් නැති කරපු හැටියෙ මේ ඔක්කොම කඩා වැටෙනව. වෙන තැන්වල කෙරුවෙ නිදහස් එක්ක මේක තවත් දියුණු කරපු එක.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *