ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ 105 යි – “සන්ඩේ ටයිම්ස්” දේශපාලන ලියුම්කරු හෙළිකරයි

 

ජනාධිපතිවරයාට මේ වන විට සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දෙනෙකු පමණක් බවත්, තමමත් හත් දෙනෙකුගේ අඩුවක් ඇති බවත්, ( ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ද ගැනීමෙන් පසු )  ‘සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ සතිපත ප්‍රධාන දේශපාලන විග්‍රහය ලියන දේශපාලන ලියුම්කරු අද තම ලිපියේ සඳහන් කොට ඇත.

නව කැබිනට මණ්ඩලයක් දිවුරුම් දීම ප්‍රමාද කිරීමට ජනාධිපතිවරයාට එය හේතුවක් වී ඇති බවත්, පාර්ලිමේන්තු බහුතරය හදාගත් පසුව උද්ඝෝෂකයින් මර්දනය කිරීම ඇතුළු ජනාධිපතිතුමාගේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරනු ඇති බවත්, ඔහුගේ විශ්වාසවන්තයකු උපුටා දක්වමින් එම ලිපියේ සඳහන් කොට ඇත.

එම ලිපියේ අදාළ සඳහන පහත දැක් වෙයි.

“With only 105 MPs, the President is still short of seven for a simple majority of 113 in the 225-member Parliament. Yet, the ruling Sri Lanka Podujana Peramuna’s strength has not been tested through a vote. That is holding back his plans to swear in a new Cabinet of Ministers. He then wants to go ahead with a plan of action, which his confidants say, could include a crackdown on protestors.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *