ගෝටා, මහින්ද ආණ්ඩුවක් හැදුවොත් පාර්ලිමේන්තුවේ ඉක්මන් ඡන්දයක්

 

 

බලයෙන් ඉවත් වන්නැයි ජනතාවගෙන් සහ මහ නායක හිමිවරුන්, සංඝයා වහන්සේලා ඇතුළු පුජක පක්ෂයෙන් ද එල්ල වන සියලු විරෝධතා නොතකා මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ හොත් පාර්ලිමේන්තුවේ ඉක්මන් ඡන්දයක් ලබා ගෙන එම ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ සහ කණ්ඩායම සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

නියෝජ්‍ය කතානායක ධුරයෙන් රන්ජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම භාර දී එම ඡන්දය ලබා ගැනීම හෝ විශ්වාස භංගය වැනි වෙනත් පියවරක් හෝ ගැනීමට ඒ අනුව කටයුතු කරනු ඇත.

පාර්ලිමේන්තුව රැස්වන 19 දාත් ඉදිරි සතියෙත් පාර්ලිමේන්තු රැස්වීම්වලට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස සිළු පක්ෂ තම මන්ත්‍රීවරුන්ට දැනුම් දීම් කර තිබේ.

පාර්ලිමේන්තුවේ සිදුවන ඡන්ද විමසීමක දී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ආණ්ඩුවෙන් මෙතෙක් ඉවත් වී නැති තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සුදානමින් සිටින බව ද අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *