නාමල් රාජපක්ෂත් ඇමතිකම් වෙන්දේසියේ

 

 

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 ක් බහුතරය සකස් කර ගැනීම සඳහා ඇමතිකම් සහ මුදල් බෙදීමේ වෙන්දේසියට නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටින බව වාර්තා වෙයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන් මහතාට කතා කළ නාමල් රාජපක්ෂ මහතා තමන් දැරූ  ක්‍රිඩා අමාත්‍යංශය සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දීමටත් , ඊට අමතරව වතු යටිතල පහසුකම් අමාත්‍යංශයත්, පශු සම්පත් අමාත්‍යංශයත් ලබා දීමටත්, පොරොන්දු වී ඇත.

මේ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක පි.සත්‍තිවේල් මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.

රාජපක්ෂ පවුලේ උදවියට ඇමති තනතුරු නොදීමේ තීරණය නිසා නාමල් රාජපක්ෂ මහතාට මෙවර ඇමති තනතුරක් හිමි නොවනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *