ගෝටා , මහින්ද ගේම ඉල්ලති ; “ඕනෑ දෙයක් කරගන්න , අපි නෑ” – ජෙෂ්ටයෝ කියති

රටේ පවතින දැඩි විරෝධය නොතකා යලි තමන්ගේම ආණ්ඩුවක් පත් කරගෙන ක්‍රියා කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ක්‍රියා කරමින් සිටින අතර එලෙස ආණ්ඩුවක් පත් කරන්නේ නම් තමන් එයට සම්බන්ධ නොවන බව ජෙෂට ඇමතිවරුන් ගණනාවක් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

තමන් ඇමති ධුරයක් භාර නොගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති අතර ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් තමන්ට ඇමති ධුර අනවශ්‍ය බව ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිගේ කිට්ටුවනතයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ඇමති ධුරයක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කොට තිබේ.

ජනතා විරෝධය නොතකා හදන මෙබඳු ආණ්ඩුවක් ස්ථාවර නොවන බව පෙනීයාම නිසා එහි ඇමති ධුර භාරගැනීමට වැඩි උනන්දුවක් නැති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *