ගෝඨා ඕන කාටද? – අනුර සූරියබණ්ඩාර 

 

දින ගණනක්  පුරා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම් ලා උද්ඝෝෂණයක නිරතව සිටිති. සමාජ ජාල ක්‍රියාකාරී තරුණ  පිරිසක් මූල් ව පටන්ගත්  එම ජන එකමුතුව මේ ⁣වන විට විවිධ වයස් වල ,  සියලු ජන කොටස් වල සහභාගීත්වයත් සහයෝගයත් ලැබෙමින් ශක්තිමත් වෙමින් තිබේ.

පිරිස රැස් ව සිටින ස්ථානයට නමක් ද දී තිබේ. එනම් ” ගෝඨා ගෝ ” ගමයි. ගමේ නමින් ම පැහැදිලි වන ආකාරයට පිරිස රැස්ව සිටින්නේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්නට කියන්නටය. රට පුරාත් සෙනඟ රැස්ව ගෝඨා ගෝ හෝම් කියති.  පෝළිම් වල සිටින ජනතාව ආණ්ඩුවටත් ගෝඨාටත් ශාප කරති,හෙණ ඉල්ලති.රටේ ජනතාව පමණක් නොව එදා ගෝඨා දිනවන්නට ඡන්දය දෙන්නට  තමන් ගේ වියදමින් පැමිණි   විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ද කියන්නේ ගෝඨා ගෝ හෝම් ය.

ඒ අතර තැනින් තැන පිරිස් ගෝඨා නො යා යුතුය කියමින් පාරට බසිනු ද පෙනේ. ඒ පිරිස කියන්නේ, යුද්ධය දිනුව⁣ ගෝඨා ඕන! කොරෝනා තුරන් කළ ගෝඨා ඕන! වැනි සටන් පාඨ ය.

ගෝඨාභය ගේ යුද ජීවිතය ගැන නොයෙක් කතන්දර ඇති  සේම යුද්ධය දිනීමද හුදු ගෝඨාභය ගේ කාරියක් නොවේ.යුද සමයේ ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා මිස ජනාධිපති හෝ හමුදාපතිවරයකු හෝ නො වේ. යුද්ධය දිනීම සාමුහික ක්‍රියාවක පලයකි.

යුද්ධය දිනුවේ ගෝඨාභය නිසාය යන්න මොහොතකට පිළිගත්තා වුවද රටේ ජනතාව ගෝඨාභය ට ඡන්දය දුන්නේ යුද්ධ කළ  නිසා නොව රට හරියට කරවනු ඇතැයි සිතූ නිසාය.ඡන්දයට පෙර ගෝඨාභය පාර්ශ්වයෙන් කී කතා වල ⁣ගෑස්, ඉන්ධන, කිරි පිටි ⁣පෝළිම් තිබුණේ ද නැත. දැන් ජනතාව ගෝඨාභය ට යන්න කියන්නේ යුද්ධය සම්බන්ධ කාරණයක් නිසා ද නො වේ. ජනතාවගේ ධනය කොල්ල කෑම, ජීවත් වීමේ අපහසුතාව නීතියේ ආදිපත්‍යය බිඳ දැමීම, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුලා දැමීම ආදිය නිසාය. ඒ නිසා, යුද්ධය දිනුව නිසා ගෝඨා ඕන යන සටන් පාඨය සර් තරමට ම ෆේල්ය.

යුද්ධය දිනුවේ ගෝඨාභය නිසාය යන්න මොහොතකට පිළිගත්තා වුවද රටේ ජනතාව ගෝඨාභය ට ඡන්දය දුන්නේ යුද්ධ කළ  නිසා නොව රට හරියට කරවනු ඇතැයි සිතූ නිසාය.ඡන්දයට පෙර ගෝඨාභය පාර්ශ්වයෙන් කී කතා වල ⁣ගෑස්, ඉන්ධන, කිරි පිටි ⁣පෝළිම් තිබුණේ ද නැත. දැන් ජනතාව ගෝඨාභය ට යන්න කියන්නේ යුද්ධය සම්බන්ධ කාරණයක් නිසා ද නො වේ. ජනතාවගේ ධනය කොල්ල කෑම, ජීවත් වීමේ අපහසුතාව නීතියේ ආදිපත්‍යය බිඳ දැමීම, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුලා දැමීම ආදිය නිසාය. ඒ නිසා, යුද්ධය දිනුව නිසා ගෝඨා ඕන යන සටන් පාඨය සර් තරමට ම ෆේල්ය. 

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙත සම්බන්ධ ගැටලු පවතින සේම එය ගෝඨාභය ගේ තනි වීරක්‍රියාවක් ⁣බව කීම ද පිළිගත හැකි නොවේ.  රටක වසංගතයක් ඇති විට එය මර්දනය කිරීමට පියවර ගැනීම රාජ්‍යයේත් රාජ්‍ය  නායකයාගේත් වගකීම වේ. ජනතාව විසින් ඔවුන් පත්කර ඇත්තේ නමන් වෙනුවෙන් ඒ ක්‍රියාමාර්ග ගැනීමටය.අනෙකුත් කටයුතු වලදී අසාර්ථක නම් කොවිඩ් තුරන් කළ  නිසා පමණක් ගෝඨා රැකිය යුතුය කීමත් තාර්කික නැත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල , පෝළිම් ඇතුළු  අමතක කර යුද්ධය සහ කොවිඩ් ගැන පමණක් ම සිතා ජනතාව ගෝඨාභය ආරක්ෂා කරන්නට වීදි බසිනු ඇතැයි සිතන්නට හැකියාවක් ද නැත. ගෝඨා ඕන! යන්න පිටුපස ඇති රහස පාදා ගත යුත්තේ ඒ නිසාය.

හැට නම ලක්ෂයක ජන වරමක් තමන් සතු යැයි ගෝඨා ඕන යන සටන්පාඨය දරන්නන් පවසති. එහෙත් ගෝඨාභය ගැන විස්වාශය තැබූ හැටනම ලක්ෂය ඔහු ඇතුළු පිරිසගෙන් වෙන්වී බොහෝ කල්ය. “මුන්ට ඡන්දය දුන්නට අපට ගහන්න ඕන .” වැනි ප්‍රකාශ පෝළිම් වල සිටින ජනතාව අතරින් ඇසෙන්නේ එහෙයිනි. වඩාත් නිවැරැදිව කියන්නේ නම් පවතින තත්වය තුළ වඩාත් කලකිරීමට සහ ඉච්ඡාභංගත්වයට පත්ව සිටින්නේද හැටනම ලක්ෂයේ පිරිසය. හේතුව ඔවුන් ගෝඨා බලයට ගෙන ආවේ ජාතික ආරක්ෂාව තහවුරු කරනු ඇත, ජාතික සම්පත් ආරක්ෂා කරනු ඇත, ජීවන වියදම පහළ හෙළනු ඇත යන බලාපොරොත්තුවෙන් යුතුව නිසාය. හැටනම ලක්ෂයට අයත් ඇතැමුන් ගෝල්ෆේස් පිටියට පැමිණ ප්‍රසිද්ධියේ සමාව ගන්නට පවා පෙලඹීමෙන් ඒ බව තහවුරු වේ. ඒ අනුව හැටනම ලක්ෂය ගැන කතා කිරීම මේ මොහොතේ වලංගු නැත. ඊළඟට ගෝඨාභය හිතවාදීන් කියන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඔවුන් සතුය යන්න වුවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ද අද පවතින්නේ අවදානම් තත්ත්වයකය. ඒ , පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ සාමාජිකයන් පිරිසක් මේවන විට නාමිකව හෝ ස්වාධීනව සිටීම නිසාය.

ගෝඨා ඕන උද්ඝෝෂණ පිටුපස නොව ඉදිරියෙන් ම ඉන්නට පොහොට්ටුවේ නායකයන්ට සිදුව ඇත්තේ ද ඉහත තත්ත්වය තුළ ගෝඨා ගෝ හෝම් කියන්නට ස්වේච්ඡාවෙන් පිරිස පැමිණියාට, ගෝඨා ට ඉන්න කියන්න⁣ට ස්වේච්ඡාවෙන් කිසිවකු ඉදිරිපත් නොවන  නිසාය.

ගෝඨා ඕන උද්ඝෝෂණ පිටුපස නොව ඉදිරියෙන් ම ඉන්නට පොහොට්ටුවේ නායකයන්ට සිදුව ඇත්තේ ද ඉහත තත්ත්වය තුළ ගෝඨා ගෝ හෝම් කියන්නට ස්වේච්ඡාවෙන් පිරිස පැමිණියාට, ගෝඨා ට ඉන්න කියන්න⁣ට ස්වේච්ඡාවෙන් කිසිවකු ඉදිරිපත් නොවන  නිසාය.

එසේනම් ගෝඨා නවත්වා ගන්නට අවශ්‍යව ඇත්තේ කාට විය හැකිද? ගෝඨාභය ගේ ආරක්ෂාව මේ මොහොතේ වඩාත්ම අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ පවුලට වන බැවින් ඔවුනට සහ ඔවුනගේ සමීපතමයන්ට ගෝඨා ගෙදර යාම නවතා ගන්නට අවශ්‍ය බව පැහැදිලිය. සුදුළුෑනු වංචා ආදියෙන් මුදල් ඉපයූ අයටද ගෝඨා නවතා ගන්නට අවශ්‍ය ව ඇතිවා වන්නට පුළුවන. වැලි පටවන , පස් කපන ඇතැමුන්ට ද ගෝඨා රැකගැනීම අවශ්‍යය. රජයේ  ඉහළ නිලධාරින් සමහරකුට ද ගෝඨා රැකගන්නට ඕනෑ විය හැකිය. ඒ කවරකු වුව ගෝඨා රකින්නට උත්සාහ කරන්නේ තම තමන්ගේ සුබසිද්ධියට මිස පොදු ජන අවශ්‍යතාව සඳහා නොවේ. ගෝඨා රකින තැතට ජනප්‍රසාදයක් නැත්තේත් ඒ තැත සාර්ථක නොවන්නේත් එහෙයිනි.

  අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *