නව ව්‍යවස්ථාව බකල් කරන්න සිරිපාල පරණ සෙල්ලම පටන්ගනී !

විධායක ජනාධිපති ධුරය තබාගැනීමේ උපායක් ලෙස, එම ධුරය ඉවත් කරන්නේ නම් මැතිවරණ ක්‍රමය ප්‍රථමයෙන් සංශෝධනය කළයුතු බවට වූ කොන්දේසියක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව යුක්තයට වාර්තා වේ. දින 100 ආණ්ඩු වැඩපිළිවෙල තුළ ජනාධිපති බලතල කප්පාදු කළ මොහොතේ ද සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ කොන්දේසිය ම ඉදිරිපත් කළේ ය.
එක් එක් ඡන්දයට වෙනස් මැතිවරණ ක්‍රම වෙනුවට එකම මැතිවරණ ක්‍රමයක් (මිශ්‍ර ඡන්දක්‍රමය) අනුමත කරගැනීමට එකගතාවයක් ඇතිකරගෙන එය අනුමත කරගැනීම දෙවනුවට තබා ප්‍රථමයෙන් නව ව්‍යවස්ථාව සම්මත කරගතහැකි බව වැඩිදෙනාගේ අදහස වී ඇති බව දැනගන්නට තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට නොකැමති ජාතික හෙල උරුමය ඇතුළු පිරිසක් ද සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ යෝජනාව පිටුපස සිටින බව ද වැඩි දුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *