තමලනීගේ පොත ගැන සංවාදයක් ජුලි 2 වෙනිදා

කොටි සංවිධානයේ හිටපු නායිකා තමලිනී ජෙයකුමාරන් විසින් ලියන ලද ‘තියුණු අසිපතක සෙවන යට’ කෘතිය ගැන සංවාද මණ්ඩපයක් ජූලි මස 2 වෙනිදා සවස 4 ට ශ‍්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කුඹුක්ගහ පාරේ, ශ‍්‍රී වල්පොල රාහුල අසපුවේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.
මෙම අවස්ථාවට තමලිනීගේ ස්වාමිපුරුෂයාවන ජෙයකුමාර්, තමලිනී ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද කෘතියේ පරිවර්තක ස්වාමිනාදන් විමල්, පොතේ ප‍්‍රකාශනය බාරව කටයුතු කරන ප‍්‍රවීන සාහිත්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගීවීමට නියමිතය. ඒ සඳහා පාඨක ඔබට ද සහභාගීවන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කෙරේ.

මනෝජ්…

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *