ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත් හිටුවීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත් හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් මේ බව අද නිවේදනය කළේය.

අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ ගෙන්වීමට සහ ණය ගෙවීමට ප්‍රමාණවත් මුදලක් රටට නොලැබෙන නිසා වීදේශ ණය ප්‍රතිව්යිහගත කර ගැනීමේ මුල් පියවර ලෙස මෙම පියවර ගත් බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ මහතා කීවේ ණය ගෙවීම දිගට ම කළ හොත් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිග වන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *