කැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව  වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගෙන රාජ්‍ය අමාත්‍යධුරයක්  ලබාදීමට විරෝධය පළ කරමින් අද සාකච්ඡාව වර්ජනය කරන බව ස්වාධීන මන්ත්‍රී  කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ ස්වාධීන මන්ත්‍රී  කණ්ඩායමේ  නියෝජිතයින් අතර දෙවන වටයේ සාකච්ඡාවක අද (12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි .

(අජන්ත කුමාර අගලකඩ)

 ( ඡායාරූපය ළහිරු හර්ෂණ ) 

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *