සජිත්ගේ දෝෂාභියෝගයට කැරලිකාරයෝ බැහැ කියති ; ජනාධිපති බලය ඉවත් කරන්න සංශෝධනයක් !

ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන දෝෂාභියෝගයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති අතර ජනාධිපති බලය තහවුරු කළ 20 වැනි සංශෝධනය ඉවත් කොට පාර්ලිමේන්තුවට බලය ගැනීම සඳහා සංශෝධනයක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කොට තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 ඇතුළු 41 කණ්ඩායම මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වෙයි.

එම කණ්ඩායම යෝජනා කොට ඇත්තේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ගෙන් යුත් විධායක සභාවක් පිහිටුවීමත්, ඇමති වරප්‍රසාද නොගන්නා සර්ව පාක්ෂික අන්තර් වාර කැබිනට මණ්ඩලයක් පත් කිරීමත්, 20 වැනි සංශෝධනය ඉවත් කොට ජනාධිපති බලය අවසන් කිරීමත්, ඇතුළු වැඩ පිළිවෙළකි.

එම යෝජනා ගැන ක්‍රියාත්මක නොවන සජබය ක්‍රියා කරමින් සිටින්නේ දෝෂාභියෝගයක් සහ විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට ය.

කෙසේ වෙතත්, කැරලිකාර කණ්ඩායම එයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ සඳහා අවශ්‍ය අත්සන් සංඛ්‍යාව ලබා ගැනීම අපහසු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *