අන්තර් වාර ආණ්ඩුවකට සහය දෙන්න ආණ්ඩුවෙන් තව පිරිසක් එති !

පාර්ලිමේන්තුව සියලු පක්ෂවලින් හෝ ප්‍රධාන පක්ෂ වල සහභාගීත්වයෙන් හෝ පිහිටුවන අන්තර් වාර ආණ්ඩුවකට සහය දීමට පසුගියදා ස්වාධින වූ කණ්ඩායමේ නොවන ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක්  කැමැත්ත පළ කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

තමන්ට පිළිගත හැකි නායකත්වයකින් සහ පක්ෂ බහුතරයක සහභාගීත්වයෙන් ගොඩ නගන අන්තර් වාර පාලනයකට සහය දෙන බව එම මන්ත්‍රීවරුන්  ප්‍රකාශ කොට තිබේ.

ඇමති ඩලස් අලහප්පෙරුම . චරිත හේරත් ඇතුළු මෙම මතය දරන මන්ත්‍රී සංඛ්‍යාව විස්සකට වැඩි බව කියති.

කෙසේ වෙතත්, විපක්ෂයෙන් ඉදිරිපත් කරන දෝෂාභියෝග හෝ විශ්වාස භංග යෝජනාවලට අත්සන් තැබීම මෙම ඇතැම් මන්ත්‍රීවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඔවුන් එය දකින්නේ පක්ෂ එක්සත් කිරීමට නොව භේද කිරීමට දරන උත්සහයක් වශයෙනි.

අන්තර් වාර පාලනයකට උත්සහ දරනු වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින්නේ රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් සහ ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *