ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපති සාර්ථකව ප්‍රධාන ප්‍රශ්න මගහරී !

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ පැවති සාකච්ඡාවේ දී එම කණ්ඩායමේ ප්‍රධාන ඉල්ලීම් වන අන්තර් වාර පාලනයක් සහ විසි වැනි සංශෝධනය ඉවත්කිරීම ගැන කතා කිරීම ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් සාර්ථක ලෙස මගහැර ඇති බව වාර්තා වෙයි.

වත්මන් තත්ත්වයෙන් ගොඩ යාම සඳහා තම යෝජනා ඉවත් වූ කණ්ඩායම විසින් කල් තබාම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කොට තබූ අතර අන්තර් වාර ආණ්ඩුවක් ගොඩනැගීම සහ විසි වැනි සංශෝධනය ඉවත් කොට 19 වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීම එහි ප්‍රධාන යෝජනා වශයෙන් තිබිණි,

ජනාධිපතිතුමා මෙම කණ්ඩායමට සාකච්ඡාවක් ලබා දී ඇත්තේ එම යෝජනා ගැන කතා කිරීමට බව කියමිනි.

කෙසේ වෙතත්, පැවති සාකච්ඡාවේ දී ඉහත කී යෝජනා ගැන කිසිවක් කතා වී නැති අතර ප්‍රශ්න ගැන වෙනුවට ජනාධිපතිතුමා කළ වැඩ ගැන කියන කතා අසා සිටීමට මන්ත්‍රී කණ්ඩායමට සිදු වූ බව කියති.

රැස්වීමෙන් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලෙස වාසුදේව නානායක්කාර හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා සමග සුහද සාකච්ඡාවක් කළ ද අන්තර් වාර පාලනය වැනි ප්‍රශ්න ගැන කතා කිරීමට නොහැකි වූ බව යි.

සාකච්ඡාවට ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායමක් සහභාගී වූ අතර ජනාධිපතිතුමාගේ පැත්තෙන් එතුමා පමණක් සහභාගී වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *