පැනමා පත්‍රිකාවල නම සඳහන් වූ නිරූපමා රාජපක්ෂ රටින් පිට වෙයි

 

ජාත්‍යන්තර වශයෙන් මුදල් සැඟ වූ බවට පැනමා පත්‍රිකාවල නම සඳහන්ව තිබු නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ  රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සනාථ කරනු ලැබ ඇත.

ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටියාය.

රාජපක්ෂ පවුලේ විශාල මුදල් ප්‍රමාණයක් ඇය ළඟ ඇති බවට කටකතා පවතියි. ප්‍රකට බියගම ඉඩම සහ මාලිගාව ද ඇගේ සැමියාගේ නමින් මිල දී ගෙන ඇති බව හෙළිදරව් වී ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *