පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැහැ ; හදිසි නීතිය වහා ම ඉවත් කරයි

රටපුරා ක්‍රියාත්මක කොට තිබු හදිසි නීතිය වහා ම ඉවත් කිරීමට ජනාධිපතිතුමා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ.

හදිසි නීතිය පැන වූ විට සති දෙකක් තුල පර්ලිමෙතුවෙන් සම්මත කරගත යුතුව ඇති අතර මේ වනවිට එය සම්මත කර ගැනීමට අවශ්‍ය සහය පාර්ලිමේන්තුවෙන් නොලැබෙන බව රජයට පෙනී ගොස් තිබීම එය ඉවත් කිරීමට හේතු වූ බව විශ්වාස කෙරෙයි.

තමන්ට තවමත් බහුතරය ඇතැයි කියන ආණ්ඩුවට ඇති ඇත්ත ඡන්ද ප්‍රමාණය හෙළිවීම වැළක්වීම අවශ්‍ය නිසා ආණ්ඩුව මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ කිසිදු ඡන්දයකට ඉඩ නොතබනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ කියති.

හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ද ජනතා උද්ඝෝෂණ පාලනය කිරීමට ද ආණ්ඩුවට හැකි වුයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *