තුන්වෙනිදා විරෝධතාවය ගැන දේශපාලනයේ පිල් තුනක්

නිර්නාමික පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රේල් 3 වැනිදා කැඳවා ඇති විරෝධතා ව්‍යාපාරය පිළිබඳව දේශපාලන පක්ෂවල ප්‍රතිචාර අනුව පෙරමුණු තුනක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම විරෝධතාවයට නායකත්වය දීමට එක්වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රාජිත සේනාරත්න මහතා ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, එය එම පක්ෂය වශයෙන් ගත තීන්දුවක් නොවන බවත්, පක්ෂය තුල වෙනත් මත ඇති බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි.

තව පිරිසක් කියන්නේ නිර්පාක්ෂිකව කඳවු විරෝධතාවය සජිත් සහ රාජිත විසින් හයිජැක් කර ඇති බවයි.

මේ අතර වෙරෝධතවයට මුහුණ දීමට ප්‍රතිවිරුද්ධ විරෝධතාවයක් ආණ්ඩුවේ පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායමක් විසින්  කැඳවා ඇති බව ද වාර්තා වෙයි. එයතවත් දේශපාලන පෙරමුණකි.

මේ අතර රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය, අනුර කුමාර දිසානායක ප්‍රමුක ජාතික ජහ බලවේගය, පාටලී චම්පික රණවක ප්‍රමුඛ 43 කණ්ඩායම මෙබඳු විරෝදතාවයක් අනතුරුදායක බව ප්‍රකාශ කොට ඇත.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කණ්ඩායම ද කියන්නේ මෙය මෙරට දේශපාලන පෙළ ගැසීම් පීලි පන්නවීමේ උතසහයක් බවයි.

ඒ අනුව එකින්ර්කට වෙනස් මත දරන ප්‍රබල කණ්ඩායම් ගණනාවක් විරෝධය ගැන ජනතාවට අනතුරු ඇඟවීම පොදු පෙරමුණක් බවත් පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

තුන්වෙනිදා මහජන නැගිටීමක ඉරණම තීරණය වන්නේ මෙම දේශපාලන පෙළ ගැසීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.

මෙය ද ආණ්ඩුවට ජනතාව මර්ධනය කිරීමට අවස්ථාවක් උදා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන පාස්කු ප්‍රහාරය වැනි තවත් කුමන්ත්‍රණයක් දැයි දේශපාලන අංශවල සැක මතු වී ඇති බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *