ප්‍රපාතයට යන දුම්රිය සේවය –  අනුර කේ එදිරිසූරිය 

මාර්තු 23 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තු ඉහළ නංවා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තු ඉහළ නැංවිය යුතුයැයි දුම්රියට සම්බන්ධ වෘත්තීය  සමිතියක් ද  මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ ක⁣ළේය. ඒ අතර දුම්රියට සම්බන්ධ තවත් වෘත්තීය සමිතියක් කියන්නේ ගාස්තු වැඩි කිරීමට එරෙහිව තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බවය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තු, බස් ගාස්තු ආදි සියලු ප්‍රවාහන ගාස්තු ඉහළ නංවා තිබෙන තත්ත්වයක දුම්රියට පමණක් ගාස්තු ඉහළ නොදමා සිටිය හැකිද යනු ගැටලුවකි. ඒ අනුව ගත් කල ගාස්තු ඉහළ නංවන්නැයි කියන වෘත්තීය සමිතියේ කියුමට යම් සාධාරණ බවක් ඇතිබව පැවසිය හැකිය. තවත් අතකින් ගත් කල ගාස්තු වැඩි නොකරනු යන අනෙක් වෘත්තීය සමිතියේ ඉල්ලීමට ද මගීන්ගේ පාර්ශ්වයෙන් යම් සාධාරණත්වයක් තිබේ.

දුම්රිය සේවය යනු දිගින් දිගටම පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතන අතරින් එකකි. ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ගාස්තු වැඩි නොකරන්නේ නම් දැනට පවතින පාඩුව තවත් උත්සන්න වනු ඇතැයි අනුමාන කළ හැකිය. ගාස්තු වැඩි නොකළ යුතුය යන මතය දරන වෘත්තීය සමිතියේ අදහස බස් ගාස්තු වැඩි වීමත් දුම්රිය ගාස්තු වැඩි නොවී පැවතීමත් හේතුවෙන් දුම්රිය මගීන් සංඛ්‍යාව වැඩිවී ඇති අතර ගාස්තු ඉහළ දැමුව හොත් එය මගී සංඛ්‍යාව පහළ යාමට හේතු වනු ඇතිය යන්නය. මගී සංඛ්‍යාව ඉහළ යාම මගින් දුම්රිය සේවය නගාසිටුවීමට තරමට ආදායමේ ඉහළ යාමක් සිදුවන්නේද යන්න ඔවුන් පැහැදිලිව කියන්නේ නැත. අනුමාන කළ හැක්කේ ගාස්තු ඉහළ නැංවීම හෝ මගීන් සංඛ්‍යාව වැඩිකර ගැනීමෙන්⁣ හෝ දුම්රිය සේවයේ පවතින අර්බුදයට විසඳුම් සොයනු නොහැකි වන බවය.

දුම්රිය ගාස්තු වැඩි නොකරනු යනුවෙන් කියන වෘත්තීය සමිතියේ අදහස ගාස්තු ඉහළ නැංවීම දුම්රිය සේවය කඩාවැටීම හේතු වනු ඇති ය යන්නය.හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් දැනට ඉහළ ගොස් ඇති මගීන් සංඛ්‍යාව අඩු වේය යන්නය. බැලූ බැල්මට මෙය දුම්රිය සේවයේ දියුණුව සහ ලාභය වෙනුවෙන් පෙනී සිටීමකි.

නුදුරු දිනෙක දුම්රිය සේවකයන් පිරිසක් ධාවනය වෙමින් පැවැති දුම්රිය තැනින් තැන නවත්වා වැඩවර්ජනයක් කළේය.වර්ජනයේ අප්‍රකාශිත අරමුණ වශයෙන් තතු දත් අය කියන්නේ චෝදනාවකට ලක්ව සිටි තම සාමාජිකයකු ගලවා ගැනීමය. සාමාජිකයා ගාස්තු වැඩි නොකළ යුතුය යන අදහස දරන වෘත්තීය සමිතියේ සාමාජිකයෙකි.  ධාවනය වෙමින් තිබූ දුම්රිය අතරමග තැන් තැන් වල නවතා කළ වර්ජනය හේතුවෙන් මගීන්ට අතිශය දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවිය. ඇතැමකු කීවේ බදුල්ලට ප්‍රවේශ පත්‍ර ලබා ගෙන සිටින තමන් වර්ජනය හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ අතරමංව සිටින බවය. දුම්රිය ස්ථාන වල පමණක් නොව දුම්රිය මාර්ගයේ තැන් තැන් වලද එකී වර්ජනය හේතුවෙන් මගීන් යා යුතු මගක් නොදැන අතරමංව සිටිනු දක්නා ලදී. වර්ජනයට මැදිවූ විදෙස් සංචාරකයන් කියුවේ ශ්‍රී ලංකා ඊස් අ බෑඩ් කන්ට්‍රි යනුවෙනි. ඔවුන් යළි කිසිදාක මෙරට සංචාරයකට නො එන බවට සැකයක් නැත. තමන් දන්නා කිසිවකුටත් ඔවුන් මෙරට සංචාරය කරන්නට ඉඩ නොදෙනවා ඇත. තමන්ගේ සාමාජිකයා රැක ගන්නට දහස් ගණනක් මගීන් අතරමං කර හිටි අඩියේ වර්ජනය කළ වෘත්තීය සමිතියක් දුම්රිය සේවය ගැන කතාකිරීම කවර අරමුණකින් කරන්නේද යන්න තේරුම් ගැනීම අපහසු වුවත්, ඔවුන්ගේ අතීතය විමසා බලන්නකුට පැහැදිලි වන්නේ ඔවුන් දුම්රිය සේවයට කර ඇති සේවයට වඩා හානිය සිය දහස් ගුණයකින් විශාල බවය. දුම්රිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව කතා කරන මොවුන්ම වසර ගණනක් තිස්සේ අනීතික ආකාරයෙන් අතීකාල සේවයකින් මුදල් උපයමින් සිටින බවද පැවසේ.  එම අතීකාල සේවය ආයතන සංග්‍රහයට විරුද්ධව සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයකුගේ නියෝගයකට ද පිටින් කෙරෙන්නක් බව ද හෙලිදරව් වී තිබේ. තම වෘත්තීය සමිති බලය පෙන්වා සාමාන්‍යාධිකාරීවරයාගේ ඉහත කී නියෝගය ආපසු හැරවීමේ තැතක ද ඔවුන් නියැලෙන බව කියැවේ.

තමන්ගේ සාමාජිකයා රැක ගන්නට දහස් ගණනක් මගීන් අතරමං කර හිටි අඩියේ වර්ජනය කළ වෘත්තීය සමිතියක් දුම්රිය සේවය ගැන කතාකිරීම කවර අරමුණකින් කරන්නේද යන්න තේරුම් ගැනීම අපහසු වුවත්, ඔවුන්ගේ අතීතය විමසා බලන්නකුට පැහැදිලි වන්නේ ඔවුන් දුම්රිය සේවයට කර ඇති සේවයට වඩා හානිය සිය දහස් ගුණයකින් විශාල බවය. දුම්රිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව කතා කරන මොවුන්ම වසර ගණනක් තිස්සේ අනීතික ආකාරයෙන් අතීකාල සේවයකින් මුදල් උපයමින් සිටින බවද පැවසේ.  එම අතීකාල සේවය ආයතන සංග්‍රහයට විරුද්ධව සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයකුගේ නියෝගයකට ද පිටින් කෙරෙන්නක් බව ද හෙලිදරව් වී තිබේ. තම වෘත්තීය සමිති බලය පෙන්වා සාමාන්‍යාධිකාරීවරයාගේ ඉහත කී නියෝගය ආපසු හැරවීමේ තැතක ද ඔවුන් නියැලෙන බව කියැවේ.

දුම්රිය සේවය ලාභදායී කරන්නට නම් ගාස්තු වැඩි කිරීමට වඩා කළ හැකි කොතෙකුත් දේ පවතී. ඒ සඳහා කළ යුතු මුල්ම කටයුත්ත ඉහත ආකාරයේ වෘත්තීය සමිතිවලින් දුම්රිය සේවය ගලවා ගැනීමය. මගී අයිතිය හෝ ආයතනයේ පැවැත්ම තුට්ටුවකට නොතකා තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සහ තමන්ගේ මිනිසුන්ගේ පැවැත්ම තහවුරු කරන්නට පමණක් කටයුතු කරන වෘත්තීය සමිතිවලින් ඉටුවන සේවයක් නැති සේම සිදුවන හානියද බරපතළය.

දුම්රිය යනු ලොව කාර්යක්ෂම සහ ලාභදායීම ප්‍රවාහන මාධ්‍ය බව කියන නමුත් මෙරට දුම්රියට කාර්යක්ෂමතාව යන්න කිසි ලෙසකින්වත් අදාළ නැත. අකාර්යක්ෂමතාව යන්න දුම්රිය ගමනාගමනයටත් ඊටත් වඩා දුම්රිය සේවකයන්ටත් අදාළය. එනම් සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය යන්නය. බස් ගමනාගමනයේදී මගීන්ට මුහුණ දීමට සිදුවන මාර්ග තදබදය බස් ගාස්තු වැඩිකම වැනි දේ නැතිනම් මේ වන විටත් දුම්රිය සේවයෙන් බහුතර මගී පිරිසක් ඉවත්වී හමාරය. අනෙක රජයේ කාර්යාල සේවකයනට ලබා දෙන වාරප්‍රවේශ පත්‍රයයි.

දුම්රිය යනු ලොව කාර්යක්ෂම සහ ලාභදායීම ප්‍රවාහන මාධ්‍ය බව කියන නමුත් මෙරට දුම්රියට කාර්යක්ෂමතාව යන්න කිසි ලෙසකින්වත් අදාළ නැත. අකාර්යක්ෂමතාව යන්න දුම්රිය ගමනාගමනයටත් ඊටත් වඩා දුම්රිය සේවකයන්ටත් අදාළය. එනම් සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය යන්නය. බස් ගමනාගමනයේදී මගීන්ට මුහුණ දීමට සිදුවන මාර්ග තදබදය බස් ගාස්තු වැඩිකම වැනි දේ නැතිනම් මේ වන විටත් දුම්රිය සේවයෙන් බහුතර මගී පිරිසක් ඉවත්වී හමාරය. අනෙක රජයේ කාර්යාල සේවකයනට ලබා දෙන වාරප්‍රවේශ පත්‍රයයි.

දුම්රිය සේවයේ බිඳවැටීමට බලපා ඇති තවත් ප්‍රධාන හේතුවක් වන්නේ නාස්තිය සහ දූෂණයයි. සරල නිදසුන් එක දෙකකින් පැහැදිලි කරන්නේ නම්; බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් භාවිතයට ගැනෙන යකඩ පට්ටම්වලට ලී පටි යොදා සාදනු ලැබු බංකු තාමත් සෑම දුම්රිය ස්ථානයකම පාහේ මගීන්ට වාඩි වීමට තබා තිබේ. එහෙත් ඉන් පසුව භාවිතයට එක් කරන ලද විවිධාකාර ආසන කොතරම් ප්‍රමාණයක් අඩු කාලයකින් අබලන්ව මරදාන දුම්රිය ස්ථානය ආදි තැන්වල ගොඩගසා තිබේදැයි නිතර දුම්රියේ ගමන් කරන මගීහු දනිති.ධාවනයට යෙදවිය නොහැකි  දුම්රිය එන්ජින් සහ මැදිරි කොපමණ සංඛ්‍යාවක් අංගනවල තිබේද? රුමේනියාවෙන් ආනයනය කර දසක ගණනක් තිස්සේ ධාවනයේ යෙදවූ දුම්රිය මැදිරි සමහරක් පෞද්ගලික අංශයට දී නවීකරණය කරනු ලැබුවේ ආනයනයට වඩා එය ලාභදායී බවට ද පුරාජේරු කියමින් වුව නවීකරණයෙන් පසුව වසර දෙකතුනක් ගතවීමටත් පෙර ඒවාහි අසුන් ,ජනෙල්, විදුලි පවන්කා ආදිය අබලන්ව ඇත්තේ මුදල් නාස්තියේ තරම කියාපාමිනි.

වැදගත්ම කරුණ දුම්රිය ගාස්තු වැඩි කරන්නැයි කියන හෝ වැඩි නොකරන්නැයි කියන කිසිම වෘත්තීය සමිතියක් මෙවැනි කරුණු සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව කිසිවක් කරන බවක් පෙනෙන්නට නොතිබීමය.

මෙරට දුම්රිය සේවය වැටී තිබෙන තැනින් ගොඩ ගැනීමට නම්, මුලින් කීවා සේ බඩගෝස්තරවාදී දූෂිත සහ විනයකින් තොර වෘත්තීය සමිති දුම්රියෙන් පිටමං කර ආයතනයත් මගියාත් පිළිබඳ අව්‍යාජ කැක්කුමක් සහ විනයක් සහිත වෘත්තීය සමිති ආයතනය තුළ ශක්තිමත් කළ යුතුය. සියල්ලටමත් වඩා දේශපාලන අතපෙවීම් කළ නොහැකි වාතාවරණයක් තුළ දුම්රිය සේවය ප්‍රතිසංවිධානය කළ යුතුය.දැනට ක්‍රියාත්මක යල්පැන ගිය වැඩවසම් නිලධාරිවාදී රාමුව සම්පූර්ණයෙන් වෙනස් කර පෞද්ගලික අංශයේ වැනි දියුණු කළමනාකරණ හැකියාවන් දුම්රියට අන්තර්ග්‍රහණය කර ගත යුතුය. පවතින ගතානුගතික සහ දේශපාලනික උසස්වීම් රටාව ක්‍රමවේදයකට අනුව සහ සුදුසුකමට සහ දක්ෂතාවට මුල් තැන ලැබෙන ආකාරයකින් යුතුව ප්‍රතිව්‍යුහගත කළ යතුය. එහිදී නවීන තාක්ෂණය දුම්රියට එකතු කිරීම වැනි දේ කළ යුතු වනු ඇති අතර එවැන්නක් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ භාණ්ඩාගාරයට මේ මොහොතේ කළ නොහැකි බව පැහැදිලිය. එකම උත්තරය ( වත්මන් ආණ්ඩුවේ කොල්ලකාරී, දූෂිත , කොමිස් වලට ගිජු රටාවට නොව ) භාණ්ඩාගාරයටත් ජනතාවටත් සේවකයනටත් වාසිදායක වන ආකාරයෙන් විනිවිද පෙනෙන හා සාධාරණ පෞද්ගලීකකරණයකට දුම්රිය සේවය ලක් කිරීමය. මෙය ජනතා විරෝධී අදහසකැයි කියන්නට ඇතැමකු මේ මොහොතේ ඉක්මන් විය හැකි නමුත් මඟහැර යා නොහැකි යථාර්ථය එයයි. මෙරටට දුම්රිය සේවය හඳුන්වාදුන් බ්‍රිතාන්‍ය ද දුම්රිය සේවය පෞද්ගලීකරණයට ලක් කළ බව සහ මෙරට ඇතැමුන්  සිතන ආකරයේ කිසිවක් එරට දුම්රිය පෞද්ගලිකකරණය නිසා සිදුව නැති බව පමණක් සඳහන් කිරීම ඔවුනට පිළිතුරු වශයෙන් සෑහේ.

එකම උත්තරය ( වත්මන් ආණ්ඩුවේ කොල්ලකාරී, දූෂිත , කොමිස් වලට ගිජු රටාවට නොව ) භාණ්ඩාගාරයටත් ජනතාවටත් සේවකයනටත් වාසිදායක වන ආකාරයෙන් විනිවිද පෙනෙන හා සාධාරණ පෞද්ගලීකකරණයකට දුම්රිය සේවය ලක් කිරීමය. මෙය ජනතා විරෝධී අදහසකැයි කියන්නට ඇතැමකු මේ මොහොතේ ඉක්මන් විය හැකි නමුත් මඟහැර යා නොහැකි යථාර්ථය එයයි. මෙරටට දුම්රිය සේවය හඳුන්වාදුන් බ්‍රිතාන්‍ය ද දුම්රිය සේවය පෞද්ගලීකරණයට ලක් කළ බව සහ මෙරට ඇතැමුන්  සිතන ආකරයේ කිසිවක් එරට දුම්රිය පෞද්ගලිකකරණය නිසා සිදුව නැති බව පමණක් සඳහන් කිරීම ඔවුනට පිළිතුරු වශයෙන් සෑහේ.

 අනුර කේ එදිරිසූරිය

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *