ජවිපෙ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අතර හමුවක්

 

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප්කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සීතා රංජනී මහත්මිය ඇතුළු සාමාජිකයින් අතර අහමුවක් පසුගිය 20වනදා පවත්වා තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර එම පනතේ දැනට පවතින අඩුපාඩුකම් සකස් කර එය ශක්තිමත්ව පිහිටුවා සම්මත කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්චා වී ඇත.

එම පනත මගින් පිහිටුවන කොමිසමට ඇති බලය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

විශේෂයෙන්ම යම් පාර්ශවයක් තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ඇති කොන්දේසි උල්ලංඝණය කළහොත් ඇතිවන තත්වය හා ඔවුන් සම්බන්ධයෙන් ගනු ලනබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහන් විය යුතු බව එම සාකච්ඡා වේදී මතු වී ඇත.

තොරතුරු ඉදිරිපත් කරන පාර්ශවයන්ගේ අයිතීන් ආරක්ෂා වන ආකාරය සහ තොරතුරු වාර්තා කරන ආයතනවල අයිතීන් ආරක්ෂාකරන ආකාරය පිළිබඳ බලතල මීටවඩා ශක්තිමත් කරන ආකාරය පිළිබඳ යෝජානා සාකච්ඡා කර තිබේ.

ඒ යෝජනා මූලික කරුණු ලෙස ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් බවත් පනත සංශෝධනය කරන අවස්ථාවේ පනතට ඇතුළත් කරන බවටත් එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා ඔවුන් හමුවේ සඳහන් කර ඇත.

 

lankatruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *