‘අයි.එම්.එෆ් වාර්තාවේ විවාදයට දින දෙකක් ඕනෑ‘ – රනිල්


 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය එක් දිනකට සීමා නොකර දෙදිනක් පැවැත්විය යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙි.

එමෙන්ම අදාල විවාදය මුදල් ඇමතිවරයා විසින් ආරම්භ කළ යුතු බවට ද රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

මූල්‍ය අරමුදලේ  වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වීමට සූදානම් ව සිටින බැවින් ඔවුනට ප්‍රමාණවත් කාලයක් ලබාදීම සඳහා මෙන්ම වාර්තාවේ සඳහන් කරුණු ගැන විධිමත් සංවාදයක් ගොඩනැගීම සඳහා අදාල  කාලය ලබා දිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයට ද තම සැලැස්ම ඉදිරිපත් කිරීමට මෙම විවාදය අතිශය වැදගත් වන හෙයින් සහ ඒ සම්බන්ධයෙන්  විපක්ෂ මතය ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බැවින් දෙදිනක් පුරා අදාළ විවාදය පැවැත්විය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *