ආණ්ඩුව වැටෙන්නෙත් නැහැ , රනිල් අගමැති වෙන්නෙත් නැහැ – ඇමති රෝහිත අබේගුණවර්ධන

විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් කියන පරිදි පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය අහෝසි කළ නොහැකි බවත්, ඇතැමුන් කියන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග ප්‍රශ්න ඇති උදවිය මෙබඳු ප්‍රචාර කරන බව ද ඒ මහතා කියයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

එහි දී කතා කළ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා කිවේ අගමැති තනතුරට සුදුසු ම තැනැත්තා දැනට එම ධුරය දරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *