සමාව ඉල්ලන පොහොට්ටුකාරයෝ – අනුර සූරියබණ්ඩාර  

 

ජනාධිපතිවරයා ජාතිය අමතා රටේ ගැටලුසහගත වාතාවරණයක් පවතින බව පිළිගත් නමුත් එය තමන්ගේ හෝ වත්මන් ආණ්ඩුවේ වරදකින් සිදුවූවක් බව පිළිගන්නට සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ඔහුගේ අදහස වූයේ අර්බුදයට හේතුව පසුගිය පාලන කාලවල වරදක් බවය. ප්‍රශ්නය ඇති කළ අය ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරනවා යනුවෙන් ඔහු කීම මඟින් ඒ බව පැහැදිලි වේ. ජනාධිපතිවරයාගේ අදහස මුළුමනින්ම වැරදි නොවන්නා සේම මුළුමනින්ම නිවැරදි ද නැත. කාලයක් තිස්සේ වර්ධනය වෙමින්  පැවැති ගැටලුවක් වර්තමානයේ පුපුරා ගොස් ඇති බව පිළිගත යුතු වන අතරම ගැටලුව මේ තත්ත්වයෙන් පුපුරන්නට වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත බලපෑ බව ද පිළිගත යුතු වේ.

වසර දෙකකට ආසන්න කාලයක් තුළ ජනාධිපතිවරයාට කිහිප විටක්ම ජනතාව අමතා කරුණු පැහැදිලි කරන්නට සිදුවීම තුළින් පෙන්නුම් කරන්නේ ජනතා විරෝධයේ බරපතළකම ආණ්ඩුවටත් දැනී ඇති බවය.

අලුත්ම තත්ත්වය වන්නේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගන්නට කටයුතු කරමින් සිටීමය. එහෙත් ඔවුන් පවා පවතින ගැටලුවට හේතුව ජනාධිපතිවරයාගේ හෝ වත්මන් ආණ්ඩුවේ හෝ වරදක් බව පිළිගන්නට සූදානම් නැති අයුරක් පෙනේ.

රටේ පවතින ගැටලුවලට එක් හේතුවක් ඩොලර් හිගය ය.තතු දත් අය පෙන්වා දෙන්නේ ඩොලරය බලහත්කාරයෙන් පාලනය කරන්නට යාම , විදේශ විනිමය ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නිවැරදි පිළිවෙතක් අනුගමනය නොකිරීම වැනි හේතු වත්මන් ඩොලර් හිගයට ඍජුවම බලපා තිබේය යන්නය. රසායනික පොහොර  තහනම හේතුවෙන් තේ වගා පාළු වී අපනයනය පහළ යාම ඩොලර් හිගයට එක් හේතුවකි.මල්  , විසිතුරු පැළෑටි , ගර්කින් වැනි අපනයනයන් රසායනික පොහොර නොමැතිකමින් බිඳවැටීමද ඩොලර් හිගය උත්සන්න වීම කෙරෙහි බලපානු ලැබූ බව ද සත්‍යයකි. සියල්ලටමත් වඩා රසායනික පොහොර තහනම මෙන්ම නිසි පරිදි සහ ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර  ලබා දීමට හෝ ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් සහල් නිෂ්පාදනය කඩා වැටී සහල් ආනයනයට ඩොලර් වැයකරන්නට සිදුවීම ද ඩොලර් හිගයට බලපෑ හේතුවකි. ඒ අතරවාරයේ කිසිදු ප්‍රයෝජනයකින් තොරව චීන පොහොර නැවට ⁣ඩොලරයෙන් වන්දි ගෙවීම , කොරෝනා එන්නත්  , ඉන්දීය නැනෝ පොහොර සඳහා වැඩිපුර මුදල් ගෙවීම ආදි කරුණු ද ආණ්ඩුව පාර්ශ්වයෙන් කළ වැරදි අතර තිබේ.

තතු දත් අය පෙන්වා දෙන්නේ ඩොලරය බලහත්කාරයෙන් පාලනය කරන්නට යාම , විදේශ විනිමය ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නිවැරදි පිළිවෙතක් අනුගමනය නොකිරීම වැනි හේතු වත්මන් ඩොලර් හිගයට ඍජුවම බලපා තිබේය යන්නය. රසායනික පොහොර  තහනම හේතුවෙන් තේ වගා පාළු වී අපනයනය පහළ යාම ඩොලර් හිගයට එක් හේතුවකි.මල්  , විසිතුරු පැළෑටි , ගර්කින් වැනි අපනයනයන් රසායනික පොහොර නොමැතිකමින් බිඳවැටීමද ඩොලර් හිගය උත්සන්න වීම කෙරෙහි බලපානු ලැබූ බව ද සත්‍යයකි. සියල්ලටමත් වඩා රසායනික පොහොර තහනම මෙන්ම නිසි පරිදි සහ ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර  ලබා දීමට හෝ ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් සහල් නිෂ්පාදනය කඩා වැටී සහල් ආනයනයට ඩොලර් වැයකරන්නට සිදුවීම ද ඩොලර් හිගයට බලපෑ හේතුවකි.

අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් රටේ තිබේ. ගෑස් නැත, ඛනිජ තෙල් නැත.විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක වේ. විදුලිය කප්පාදුව ජාතික නිෂ්පාදනයට බලපායි. එයම පෙරළා ආර්ථිකය පරිහානියට ලක් කිරීමට හේතුවේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියල්ලෙහි මිල සීග්‍රයෙන් ඉහළ යමින් උද්ධමනකාරී තත්ත්වයක් රටෙහි ඇති වන්නට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් දැණුමැත්තන් හඳුනා ගන්නා හේතුවක් වන්නේ රටෙහි මුදල් සංසරණය ඉහළ යාමය. මුදල් සංසරණය වැඩි වූයේ මුදල් අච්චුගැසීම හේතුවෙනි. ඉහත සඳහන් කළ සියල්ල ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතා නිසා සිදුවූ දේ ය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ගෙන් සමාව ඉල්ලන ආණ්ඩුවේ පිරිස් ඉහත කී හේතු  ආර්ථිකයේ පරිහානියටත් ජනතාවගේ ප්‍රශ්න උග්‍රවීමටත් බලපෑ බව කිසිසේත් සඳහන් කරන්නේ හෝ ඒ සම්බන්ධයෙන් ස්වයං විවේචනයක යෙදෙන්නේ හෝ නැත. ඒ වෙනුවට ඔවුන් කියන්න⁣⁣ට උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉතා හොඳින් සහ කළමනාකාරිත්වයකින් යතුව සියල්ල හසුරුවනු ලැබූ නමුත් ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල ඉහළ යාම , කොරෝනා වසංගතය , වර්තමානයේ රුසියා යුක්රේන ගැටුම වැනි බාහිර සාධක හේතුවෙන් ගැටලු පැන නැගී ඇත යන්නය.

මේ වන විට පවතින තත්ත්වය හමුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනතාව හමුවට යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. පෝළිම් වල සිටින ජනතාව ජනාධිපතිවරයාට පවා මුහුණටම විරෝධය පාන වටපිටාවක සාමාන්‍ය ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට ජනතාව අතරදී මුහුණ දෙන්න⁣ට සිදුවිය හැකි දේ අනුමාන කිරීම අපහසු නැත.ජනතාව ගේ ප්‍රශ්න අපටත් තේරෙනවා.අපිත් කැපකිරීම් කරන්නම් ඔබත් කැපකිරීම් කරන්න යනාදී සුරංගනා කතා කියමින් ජනතා කෝපය තරමකින් හෝ මඟහරවා ගැනීමේ උත්සාහයක නියැලෙන්නට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සිදුව ඇති හේතුව එයය.

යම් පොහොට්ටු මන්ත්‍රීවරයකුට යම් පමණකින් හෝ ජන දුක ගැන කම්පනයක් , හැඟීමක් තිබේ නම්,  ජනතාවගෙන් සමාව  ඉල්ලනවා වෙනුවට කළ හැකි ප්‍රායෝගික ක්‍රියා බොහොමයක් තිබේ. මේ මොහොතේත් රජයේ මුදල් නහස්ති  කරමින් කෙරෙන කිලෝ මීටර් ලක්ෂයක් පාරවල් කාපට් කිරීම තාවකාලිකව හෝ නවතා දමන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම ඒ අතරින් එකකි. පසුගියදා ආණ්ඩුව විසින් ගම් මට්ටමින් ආරම්භ කරන ලද ව්‍යාපෘති නතර කරවීම තවත් එකකි. තවදුරටත් සිදුවෙමින් පවතින මුදල් අච්චුගැසීම නතර කරන්නට බලපෑම් කිරීම, පොහොර ප්‍රශ්නයට විද්‍යාත්මක පදනමකින් විසඳුම් ලබා දීමට කටයු කිරීමට ආණ්ඩුව පෙළඹවීම ද කළ හැකි ය.

යම් පොහොට්ටු මන්ත්‍රීවරයකුට යම් පමණකින් හෝ ජන දුක ගැන කම්පනයක් , හැඟීමක් තිබේ නම්,  ජනතාවගෙන් සමාව  ඉල්ලනවා වෙනුවට කළ හැකි ප්‍රායෝගික ක්‍රියා බොහොමයක් තිබේ. මේ මොහොතේත් රජයේ මුදල් නහස්ති  කරමින් කෙරෙන කිලෝ මීටර් ලක්ෂයක් පාරවල් කාපට් කිරීම තාවකාලිකව හෝ නවතා දමන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම ඒ අතරින් එකකි. පසුගියදා ආණ්ඩුව විසින් ගම් මට්ටමින් ආරම්භ කරන ලද ව්‍යාපෘති නතර කරවීම තවත් එකකි. තවදුරටත් සිදුවෙමින් පවතින මුදල් අච්චුගැසීම නතර කරන්නට බලපෑම් කිරීම, පොහොර ප්‍රශ්නයට විද්‍යාත්මක පදනමකින් විසඳුම් ලබා දීමට කටයු කිරීමට ආණ්ඩුව පෙළඹවීම ද කළ හැකි ය.

දැනට ඉවත් කර තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය යළි පැනවීමට ආණ්ඩුවට බලකිරීම එකකි. ආණ්ඩුවේ හිතවතුන්ට දුන් බදු සහනවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට බලපෑම් කිරීම තවත් එකකි.නමුත් ඔවුන් එවැන්නකට උනන්දු නොවනවා පමණක් නොව එවැනි වැරදි ආණ්ඩුවෙන් සිදුවූ හෝ සිදුවන බවක් හෝ පිළිගන්නට සූදානමක් හෝ නැත. එවැනි වටපිටාවක කෙරෙන බොරු සමාව ඉල්ලීම් ඊළඟ ඡන්දය⁣ට ගම් වලට යන්නට හැකි වන ආකාරයට පරිසරය සකස්කර ගැනීමට  ජනතාව රැවටීම සඳහා ගහන බොරු තුරුම්පු මිස අන් යමක් නොවේ.

  අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *