දූෂිත බලවේග නිත්‍යානුකූල ලෙසට හිස එසවීමක් තියෙනව. – මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 8 වෙන්දා මේ රටේ වෙනසක් ඇති කෙරුවෙ මේ රටේ නීතිගරුක පුරවැසියො කියලයි මම කල්පනා කරන්නෙ. ඒ වෙනකොට මේ රටේ විපක්‍ෂයක් තිබුණෙ නැහැ. විපක්‍ෂය සම්පූර්ණයෙන්ම දියකර හැරල තිබුණ බව මේ සභාවට අමුතුවෙන් කිවයුතු නැහැ. සෑහෙන කාලයක් තිස්සෙ නීතිගරුක පුරවැසියො, මරබියෙන් පෙළෙන තත්ත්වයට එරෙහිව ශක්ති ප‍්‍රමාණයෙන්, මතවාදීව මේ පොළොවෙ විශාල වැඩ කොටසක් කෙරුව. ඒ වැඩ කොටසෙ කූඨප‍්‍රාප්තිය හැටියට සලකන්න පුළුවන්, මාදුලාවේ සෝභිත හාමුදුරුවො 70 වෙනි ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලද සම්මන්ත‍්‍රණයේදී උන්වහන්සේගේ අභීත හඬින් පවසා සිටියා, ‘මගේ ජීවිතයේ ඉදිරිකාලය මම සම්පූර්ණයෙන්ම කැන කරන්නෙ, විධායක ජනාධිපති ක‍්‍රමය සහමුලින්ම අවසාන කරන්නට’ කියා. එතනින් තමයි මේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ගොඩනැගීමේ කාර්යභාරය අත්තිවාරම සැපෙයුවෙ. ඒ කතාව කරපු දවසට පහුවදා, ආණ්ඩුවෙ ගුවන් විදුලියෙ සභාපතිවරයා වූ හඞ්සන් සමරසිංහ මහතාගේ ඉතාම ශිෂ්ඨ සම්පන්න භාෂාවෙන් සෝභිත හාමුදුරුවන්ගේ ඒ කතාව පිළිබඳ අර්ථ විවරණ දක්වමින් මහින්ද රාජපක්‍ෂව අමන්දානන්දයට පත් කෙරුව. නමුත් සෝභිත හාමුදුරුවො එහෙම දේවල් වලින් සැලෙන චරිතයක් නෙමෙයි. උන් වහන්සේ තමන් වහන්සේට කරන්න පුළුවන් සියලූම දේ තනිවම ගොඩනැගුව. සංවිධානය කෙරුව. විශාල පිරිස් උන්වහන්සෙ වටා ඒකරාශිවුනා. ඒ වෙනකොට අපි සිහිපත් කරන්න  ඕනැ පුරවැසි බලය සංවිධානයත්, මේ රාජපක්‍ෂවරුන්ගේ දුර්දාන්ත පාළනයට එරෙහිව මේ මහපොළොවේ මතවාදී අරගලයක් දියත් කර තිබුණෙ. මේ සියලූම දේවල් ඒකරාශි වුණා.
ජනවාරි 8 වෙන්දා අලූත් ආණ්ඩුවක් බලයට පත්වෙනව අලූත් ජනාධිපතිවරයෙක් සමග. ඒ අවස්ථාවේදි සෝභිත හාමුදුරුවො ඉල්ලා සිටි දේ තමයි, ජනාධිපතිවරණයෙන් පස්සෙ පාර්ලිමේන්තුව වහාම විසුරුවාහැර මැතිවරණයකට යායුතුයි කියන එක. ඇත්ත වශයෙන්ම උන්වහන්සේ ඉල්ලා එසේ සිටියේ ජනාධිපතිවරණ සමයේදීමයි. යම් යම් න්‍යායාචාරවරුන්ගේ උපදෙස් මත දින සියයේ ආණ්ඩුවක් ගොඩනැගුණා. ඒ දින සියයේ ආණ්ඩුව තුළ නීතිගරුත පුරවැසියො අපේක්‍ෂා කළ අරමුණට යන්නට නිදහසේ විවෘත කරගත්ත මාවත ඇහිරුණා කියලයි මම කල්පනා කරන්නෙ.
අගොස්තු 17 වෙනිදා මැතිවරණයක් පවත්වනව. මේ මැතිවරණය පවත්වන්නෙ, ජනවාරි 8 වෙනිදා සෝභිත හාමුදුරුවන්ගෙ උපමාවෙන්ම කියනවනම් මහා විශාල කළුගල පෙරළීමට දායක වෙච්ච පුද්ගලයො අපේක්‍ෂා භංගත්වයට පත්කරපු යථාර්ථයක් තුළ. මෙතනදි බරපතල වරදක් ජනාධිපතිවරය සිද්ධ කරගත්ත. තමන්ට පක්‍ෂයේ සභාපතිකම ලැබුණට පස්සේ ඒ පක්‍ෂය තමන්ගේ බලයට යටත් කරගත්තේ නැහැ. ඒ පිළිබඳව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම්වරු දෙන්න මාරු කරගන්නට කියල පරිනත දේශපාලන දැනුමක් ඇති අය උපදෙස් දුන්නා. නමුත් එය නොතකා හැරියා. එතන තමයි සියල්ල කණපිට හැරුණු තැන. ඒ නිසා සිද්ධවුනේ මොකක්ද පරාජිත බලවේගයට ආපහු කෙළින් සිටගන්නට යම්කිසි ශක්තියක්, අවකාශයක් නිර්මාණය වුනා. අද වෙනකොට ‘යහපාළනය කෝ?’ කියන ප‍්‍රශ්නය අපට නගන්නට සිද්ධ වෙන්නෙ මෙන්න මේ යථාර්ථය තුළ.
සොභිත හාමුදුරුවන්ගෙ 73 වෙනි උපන්දිනය දවසෙ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති සම්මන්ත‍්‍රණයේ දී උන්වහන්සේ ඉදිරිපත් කළා දසවැදෑරුම් යෝජනාවලියක්. ඒක ලිඛිතව පළකරල තියනව. පුවත්පත්වලත් පළ වුනා. මේ දසවැදෑරුම් යෝජනාවලිය සීලාචාර රාජ්‍ය පාළනයක් ගොඩනැගීම සඳහා, යහපත් ආණ්ඩුකරණයක් සඳහා අවශ්‍ය මූලික කරුණු 3ක් සම්පිණ්ඩනය කරපු යෝජනාවලියක්. ඒ සභාවේදී් ආණ්ඩුවෙ ප‍්‍රධානීන් දෙදෙනා ජනාධිපතිවරයත්, අගමැතිවරයත් ප‍්‍රතිඥාදුන්නා මේ දසවැදෑරුම් යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරීමට තමන්ගෙ රාජ්‍ය බලය යොදවන බව.
එහෙත් අද වන විට අපට පෙනෙනවා ඒ වෙනුවෙන් සකස් වූ න්‍යායපත‍්‍රයක් නැති බව. ඒ ගැන අපට බලවත් වේදනාවක් තියනව. ඒ නිසා මම මගේ ශක්ති ප‍්‍රමාණයෙන් උත්සාහ කරන්නෙ සෝභිත හාමුදුරුවන් ඉදිරිපත් කරපු ඒ දසවැදෑරුම් යෝජනාවලිය හැකිතාක් සක‍්‍රීය තත්ත්වකට පත් කර ගැනීම වෙනුවෙන් මගේ ජීවිතයේ ඉදිරි කාලය කැප කරන්න. සෝභිත හාමුරුවො අපවත් වුණාට පස්සෙ, පාර්ලිමේන්තුව ඉදිරිපිට ඒ ආදාහනය සිදු කරන අවස්ථාවේ, මේ රටේ ප‍්‍රධාන පුරවැසියො දෙදෙනා ජනාධිපතිවරයයි, අගමැතිවරයයි රටට විතරක් නෙමෙයි ලෝකයටම ප‍්‍රතිඥාවක් දුන්නා විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරනව. සෝභිත හාමුදුරුවො ප‍්‍රාර්ථනා කරපු ලෝකය ගොඩනගනව කියල. ඒත් අද වෙනකොට ඒ වෙනුවෙන් න්‍යායපත‍්‍රයක් නැහැ. ඒ නිසා තමයි අපිට ආපහු පුරවැසියො හැටියට සංවිධානය වන්නට වෙලා තියෙන්නෙ. ඒ ප‍්‍රාර්ථනා කරන ලෝකය දිනාගන්න. රට වෙනුවෙන්. රටේ අනාගතය වෙනුවෙන් ඒ ලෝකය දිනා ගැනීමේ පරම වගකීමක් අපට තියෙනව.
අපේ ශක්ති ප‍්‍රමාණයෙන් මේ රැුස්වීම සංනිවේදනය කළේ. මේසා විශාල පිරිසක් පැමිණීම අපට ධෛ්‍ය_යක්. ඒ නිසා අපි සියලූ දෙනාම ඒ ‘ජනාවාරි 8 වෙනිදා ප‍්‍රාර්ථනා කළ ලෝකය දිනා ගැනීම සඳහා මේ රටේ ඉපදිලා ඉන්න දරුවො වෙනුවෙන්, ඉපදින්නට ඉන්න දරුවො වෙනුවෙන් ලෝකයක් තනන්න අපේ ජීවිත කැප කරමු’ කියන ඉල්ලීම සියලූ දෙනාගෙන්ම කරන්නට කැමතියි. තව එක් වැදගත් කරුණක් මම සඳහන් කරන්නට අවශ්‍යයි. වැලිඅමුණ මහතා රාජ්‍ය සේවය ගැන අදහසක් පළ කළා. මම මේ අදහස පළකරන්නෙ රාජ්‍ය සේවයෙ ඉතාමත්ම කීර්තියක් උසුලපු නිලධාරීන්ට නිසි ගෞරවය පළකරමින්, තවමත් නීතිගරුකව තමන්ගේ වෘත්තීය භූමිකාවේ නිමග්න සියලූ පුද්ගලයන්ට නිසි ගෞරවය, බුහුමන දක්වමින් මම මේ කරුණු කියන්නෙ. යහපාළනය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේදී රාජ්‍ය සේවය කියන එක තමයි හෘදය වස්තුව බවට පත්වන්නෙ. පොලීසිය, ත‍්‍රවිධ හමුදාව, ඒ වගේම සිවිල් නිලධාරීන් ඇතුළු සියලූ අය, මේ සෑම කෙනෙකුටම සාදාචාරාත්මක වගකීමක් තියනව රටවෙන්වෙන් වැඩ කරන්න. අද වෙනකොට අපිට පෙනෙනවා දීර්ඝ කාලයක් තිස්සෙ වැල යන අතට මැස්ස ගහපු, කලදුටු කල වල ඉහගෙන කාපු, සමහර වෙලාවට නිවටයන් ලෙස, තක්කඩියන් ලෙස වැඩකරපු පුද්ගලයො මේ යහපාලනය වෙනුවෙන් විවර කරගත් පාරට බරපතල ලෙස කටුඅකුල් ඇද දමමින් ඉන්නව. මම ඒ පුද්ගලයන්ට මේ කාරණාව අවධාරණය කරන්න කැමතියි.  තමන් යම්කිසි වරදකට දායක වූ බවට හෘදසාක්‍ෂියක් තියනව නම්, සත්‍ය ගරුකව මේ මොහොතෙ පෙනීසිටින්න. හෘදසාක්‍ෂියක් තියන සෑම කෙනෙකුගෙන්ම මම මේක ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනව. එහෙම නැත්නම් ඔබ ඔබේ සිවිල් බලය පාවිච්චි කරල, මේ පරීක්‍ෂණ ක‍්‍රියාදාමයන් අඩාල කරල, ඒ යහපාළනය අත්පත් කරගන්න හදන මාවතට අකුල් හෙළනවනම්, ඔබේ දරුවෙකුටවත් වගතුවක් නොවෙන බව තමයි මම අවධාරණයෙන් කියන්නෙ.
යහපත, අයපත කියල දෙකක් තියනව. සත්ධර්මය, අසත්ධර්මය කියල දෙකක් තියනව. ඒ නිසා හැම කෙනෙක්ම තමන්ට තියන හෘදසාක්‍ෂියට අනුව එහෙම කරන්නට  ඕනෙ. නීතියට අපි කවුරුත් යටත් වෙන්නට  ඕනෙ. අවනත වෙන්නට  ඕනෙ. අද විගණන පනතක් සම්මත කිරීමට උත්සහ කරනව. ඒ මේ රටේ පුරවැසියන් වෙනුවෙන් සිවිල් සමාජය ඉල්ලා සිටි දේවල්. එහෙත් ඒ ඉල්ලීම යහපත් ලෙස ඉටුකර ගැනීමට බාදා කරන්නෙ නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදයෙන් පිබිදුණු, මහපුටු හොබවන රාජ්‍ය නිලධාරීන්. අමාත්‍යංශ ලේකම්වරු හා අතිරේඛ ලේකම්වරු රොත්තක්. ඒ අය කල්පනා කරල බලන්නට  ඕනෙ. ඒ නිර්මාණය කරල තියෙන විගණන පනත වඩාත්ම වටින්නෙ රාජ්‍ය නිලධාරීන්ට කොන්ද කෙළින් තියාගෙන රාජකාරිය කරන්න. දේශපාලඥයන්ට රාජ්‍ය මුදල් අවභාවිත නොකරන්න. රාජ්‍ය දේපොළ අවභාවිත නොකරන්න. කොන්ද කෙළින් තියාගෙන රාජ්‍ය සේවයේ නිමග්න වෙන්නට තමයි ඒ පනතින් රැුකවරණය ලැබෙන්නෙ. එහෙත් ඔවුන් තමන් සතු සිවිල් බලය උපයෝගි කරගෙන ආණ්ඩුවට බලපෑම් කරනව මේ පනත දියාරු කරන්න. මේකට මේ රටේ පුරවැසියො හැටියට අපි ඉඩදිය යුතු නැහැ. මේ ¥ෂිත බලවේග නිත්‍යානුකූල ලෙසට හිස එසවීමක් තමයි මෙතන තියෙන්නෙ. ප‍්‍රචණ්ඩත්වයක් මෙතන තියෙන්නෙ. නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදයෙන් පිබිදිලා මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් පඩි ලබන මේ නිලධාරීන් වරප‍්‍රසාද ලබන පුද්ගලයො, මේ රටේ අනාගතය වෙනුවෙන්, යහපත් ආණ්ඩුකරණයක් ඇතිකර ගැනීම වෙනුවෙන් කරන මේ අරගලය කඩාකප්පල් කරනව නම්, ඒ තරම් සාපරාධි ක‍්‍රියාවක් තවත් නැහැ. ඒ නිසා අපි අවධාරණය කරනව ශිෂ්ඨ සම්පන්න රාජ්‍ය පාළනයක් වෙනුවෙන් අකුල් හෙළන්නට එපා. එයට දායක වෙන්න කියල. මනුෂ්‍යයෙක් සාදාකාලිකව ජීවත් වෙන්නෙ නැති බව කල්පනා කරන්න. අපි කිසිකෙනෙක් අවුරුදු 150ක් ජීවත් වෙන්නෙ නෑ. ඒ නිසා දැනඋගත් පුද්ගලයන් හැටියට ඉතාමත් සාදාචාරාත්මක වගකීමක් තියෙනව මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රටේ ඉපදිලා ඉන්න ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන්, ශීලාචාර රාජ්‍ය පාළනයක් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම. ඒක අත්‍යාවශ්‍යයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *