පාර්ලිමේන්තු ආවේ නෑ කියූ ගම්මන්පිල වැසිකිළියේ සිට හසුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කරමින් පැවසුවද එම ප්‍රශ්න අසන අවස්ථාවේ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු වැසිකිලියේ සැඟව සිටි බව හෙළිදරව් වී තිබේ.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය සරත් ‍ෆොන්සේකා මහතාට අවස්ථාව දුන් අතර එහිදී උණුසුම්කාරී තත්වයක් මතු විය.

ගම්මන්පිල මහතා වැසිකිලියේ සැඟව සිටි බවට අනාවරණය වීමත් සමග ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ද ඒබව පවසමින් කෑ කෝ ගසන්නට වීය .

lankatruth

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *