පොලී අනුපාත දෙගුණයකට වඩා වැඩි කළ යුතුය – හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉතිරිකරන්නන්ට සැබෑ ප්‍රතිලාභයක් ලබාදීම සඳහා රටේ පොලී අනුපාත දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සිදුවන බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය. ඉදිරියේදී තත්ත්වය නරක අතට හැරෙන්නට ඉඩ ඇති බැවින්, කිසිදු වැඩ පිළිවෙළක් නැති තත්ත්වය වෙනුවට, ආර්ථිකය ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළකට යාම වඩා හොඳ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු 23 දින CT CLSA සුරැකුම්පත් වෙබ් අඩවියේ ‘IMF: ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙළ’ පිළිබඳව කතා කරමින් කුමාරස්වාමි මහතා කීවේ  වර්තමාන උද්ධමන අනුපාතය අනුව සාමාන්‍ය ස්ථාවර තැන්පතු සහ සේවක අර්ථසාධක අරමුදලේ සැබෑ ප්‍රතිලාභ අනුපාතය සෘණාත්මක වන බවයි.. ප්‍රශ්නය විදේශ විනිමය සම්බන්ධ ද්‍රවශීලතා ගැටලුවක් නොවන බවත්, එය ගැඹුරු ප්‍රශ්නයක් බවත් ඒ මහතා පැවසීය..

මහ බැංකුවේ හිටපු අධිපතිතුමා  රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවල වැදගත්කම අවධාරණය කරමින්  “ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ට වඩා අඩු සහ වියදම 18% ට ආසන්න වන තත්වයක් අපට පවත්වාගෙන යා නොහැකිය . අපිට දිගටම මුදල් මුද්‍රණය කර එයින් ගැලවෙන්න බැහැ. අපි දැනටමත් එහි ප්‍රතිඵල උද්ධමනය හරහා ඇත විඳිමින්  සිටිමු. ණය ප්‍රතිව්‍යුහගත කිරීම රජය විසින් කළ යුතුව තිබෙනවා” යි   ඔහු සඳහන් කළේය

මෑතකාලීනව කළ බදු අඩුකිරීම් හේතුවෙන් ණය දරාගැනීමේ නොහැකියාව උග්‍ර වූ බව ද කුමාරස්වාමි මහතා  පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *