අද තවත් කොවිඩ් මරණ 5 ක් , නව ආසාදිතයින් 292 ක් වාර්තා වෙයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්කළ නිවේදන අනුව දිනය තුල තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 5 ක් වන අතර හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 292 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තාවල සටහන් වන්නේ 16,445 ක් වශයෙනි.
මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 660,151 ක් ලෙස සටහන් වී තිබේ.